ඉන්දියන් ක්‍රමයට කඩල මසාලා කරියක් මේ විදිහට හදල බලන්න

0
11


පෝෂ්‍යදායි ගුණයෙන් ඉහළ ධාන්‍ය වර්ගයක් වන කඩල කෑම රුචිය ඇති කරන අපූරු ආහාරයකි. ඉන්දියානු කෑම වලදී කඩලවලට ප්‍රධාන තැනක් ලැබෙයි. මේ විදිහට ඉන්දියන් ක්‍රමයට කඩල මසාලා කරියක් හදල බලමුද?

අවශ්‍ය  ද්‍රව්‍ය :

  • කඩල කෝප්ප  2
  • කුඩාවට තක්කාලි ගෙඩි 1
  • ලියා ගත් රතු ළූණු ගෙඩි 5
  • තලා ගත් සුදු ළූණු බික් 2
  • අමුමිරිස් කරල් 2 (ඇලයට කපාගත්)
  • අමු තුනපහ  තේහැදි  1
  • ගරාම් මසාලා කුඩු ½
  • කහ කුඩු ½
  • අබ තේහැදි 1
  • උලුහාල් ස්වල්පයක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • මිටි කිරි සහ දිය  කිරි  කෝප්ප  1 බැගින්
  • රම්පේ සහ කරපිංචා
  • තෙල්
  • රස අනුව ලුණු

සාදන  ක්‍රමය :

කඩල ටික තම්බා ගන්න. පෑන් එකක් ලිප තබා තෙල්  ටිකක් ලිප තබා එය රත් වෙද්දී අබ , සුදු  ළූණු, රතු ළූණු, රම්පෙ හා කරපිංචා දමා බැදෙන්නට හැර තෙල්  බේරා වෙනම භාජනයකට දමා ගන්න. කඩල  ටික දිය  කිරි සහ  ඉතිරි  දේවල් ටික එකතු කර ලිප තබා ගන්න. ඉන්පසුව දිය  කිරි හිඳීගෙන එන විට මිටි කිරි  එකතු  කර ගන්න. කරිය උතුරන විට කලින් සකස් කරගත් තෙම්පරාදුව එකතු  කර ගන්න. උණුවෙන්ම පිළිගන්වන්න.

යෝගට් මේස හැන්දක් හෝ  පොඩි කල කඩල මේස හැන්දක් එකතු කිරීමෙන් කරිය වඩාත් උකු කරගත හැක. මේ රසම රස කඩල මසාලා කරිය  චපාති, නාන්, පරාටා, පූරි ආදී ඕනෑම ඉන්දියානු කෑමක් එක්ක පමණක් නොව බත් සමඟ වුවත් රස විදින්න ඔබට පුළුවන්.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here