ඉදිරි පැය 24 දී අඩුපීඩන කලාපයේ ක්‍රියාකාරීත්වය

0
3

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඊසාන දෙසට ගමන් කරමින්, ඉදිරි පැය 24 තුල තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැ.කි.මි (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව සඳහන් වේ.

ධීවර සහ නාවික ප්‍රජාව, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here