මෙම දිනවල බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ අධ්‍යක්‍ෂ ජනරාල් අතුළ කරුණානායක මහතා පැවසුවේ දිවයිනේ මෙම දිනවල පවතින නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සැප්තැම්බර් මාසය දක්වා පැවතිය හැකි බවයි.
දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳවද කාලගුණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කරුණු දැක්වුවා.
Saru FM Media