ඉදිකිරීම් කටයුතු සඳහාවන ගැණුම්කරුවන්ගේ දර්ශකය ඉහළට

0
10


ශ්‍රී ලංකා ගැණුම් කළමණාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2025 පෙබරවාරි මාසගේ දී දර්ශකාංක 55.6ක් දක්වා
ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම මාසය ඇතුළත ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළ අතර, ප්‍රගතිය තවදුරටත් පවත්වා ගැනීම සඳහා නව හා මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල පවතින අවශ්‍යතාවය ද ඔවුන් අවධාරණය කළා.

විශේෂයෙන් මාර්ග සහ වාරිමාර්ග පද්ධතිය පිළිසකර කිරීමේ ව්‍යාපෘති ඇතුළුව නව ව්‍යාපෘති ප්‍රදානය කිරීම ඉහළ යෑම හේතුවෙන් පෙබරවාරි මාසයේදී නව ඇණවුම් දර්ශකය ඉහළ ගොස් ඇති බවයි සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කළේ.

තවද, ඉදිකිරීම් කටයුතුවල වර්ධනයත් සමග ගැනුම් සහ ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්,

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here