ඉතුරු බිතුරු වලින් රොටියක් හදමු..

0
15


ඒකාකාරි නිවාඩුවක් රස ගන්වන එහෙත් පහසුවෙන් ,අවම දේවල් ටිකකින් ශාදා ගන්න පුලුවන් ආහාර එකතුව……

නිවසේ  ඉතුරුවෙන පුංචි ඉතුරු බිතුරු වලින් රසවත් රොටියක් හදා ගන්න තියෙනවනම් කොච්චර හොඳයිද ?
ඉතින්  පුංචි අල ගෙඩියක් දෙකක් ,රතු ලූණු හෝ රටළුණු අමු මිරිස් කරල් සහ ලුණු මිරිස් තුන පහ චුට්ටක් තමා මේ සඳහා වැය වන්නේ .මතක තියාගන්න විශේෂයෙන් ම මෙන්න මේ දේ අවශ්‍ය යි  කියලා නියමයක් නැහැ

මුලින්ම ඉහත සියලුම දේවල් හොඳින් සෝදා පිරිසිදු කර ගන්න.

සිහින් කැබලි වලට ලියා ගන්න.
සියල්ල එකට මිශ්‍ර කර තරමක් ඉඩ කඩ ඇති භාජනයකට දමා ගන්න.

එයට පාන් පිටි හැඳි කීපයක් මිශ්‍ර කර ගන්න.

ලුනු පහේ වර්ග සමග තියෙනවා නම් විතරක් බිත්තරයක් එකතු කර ගන්න.

පොල්තෙල් මේස හැන්දක් පමණ එක්කරන්න.

දැන් මේ සියල්ලම හොඳින් මිශ්‍ර කර ගන්න.

පුංචි පුංචි බෝල වලට කඩා ගන්න.

විනාඩි දහයක් පමණ තබන්න

දැන් රොටි හදන ආකාරයට ඒවා තුනී කර ගන්න.

රොටී තැටියකට දමා හොදින් පුළුස්සා ගන්න.

පෝෂණයෙන් සපිරි වගේම රසයෙනුත් ඉතාමත් ඉහළ කෑමක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here