ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද ඉක්මවා මේ වන විට වාර්තා වන බවය.
මේ අතර විශේෂඥයින් මත පළ කරනුයේ රන් මිල තවත් ඉහළ යනු ඇති බවත් එය මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවත්ය.
එමෙන්ම මීට සමගාමීව අනෙකුත් ලෝහ වර්ගද මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.
එමෙන්ම පැලේඩියම් අවුන්සයක මිල 0.17%කින් ඉහළ ගොස් ඇති අතර එය අමෙරිකානු ඩොලර් 2,000 ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස රන් මිල ඉහළ යාමට බලපා ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දු තීරණ බවය.
ග්‍රීන්ලන්තය සම්බන්ධව ට්‍රම්ප්ගේ ප්‍රකාශ, ආක්ටික් කලාපයේ අමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතා, මෙන්ම පසුගියදා කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පැනවීම යන ක
Saru News










