ඉක්මනින් බර අඩු කර ගැනීමට ඇවිදීම සඳහා දවසේ සුදුසුම වෙලාව මොකක්ද?

0
9


ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න අපිට කරන්න පුලුවන් ලේසිම ව්‍යායාමයක් තමයි ඇවිදීම කියන්නේ.ඇවිදීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් අපි ඇවිදින්න ඕන දවසේ මොන වෙලාවටද කියලයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ

ඕනෑම ව්‍යායාමයක් නිසි පරිදි නිසි වෙලාවට කලොත් තමයි අපිට වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.ව්‍යායාමයක් හැටියට ඇවිදිනවා නම් කොයි වෙලාවටද ඇවිදින්න ඕනේ ? ඒ ගැන අද කතා කරමු

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් ව්‍යායාම සඳහා ඇවිදීමට තෝරාගන්නේ උදෑසන කාලය හෝ සවස් කාලයයි. පර්යේෂණ වලින් හෙලිවී ඇති ආකාරයට බහුතරයක් පුද්ගලයින් ඇවිදීම සඳහා තෝරාගන්නේ උදෑසන කාලය බවයි.

සවස් කාලය යනු මිනිසුන් ඉතා යුහුසුළුව රැකියා අවසන් කර නිවෙස් කරා යන වෙලාවයි.සවස හයෙන් පසු රාත්‍රී ආහාර වෙළඳසැල් ආරම්භ කිරීම සහ බොහෝ වැඩිහිටියන් සහ කුඩා දරුවන් සමඟ උද්‍යාන කරා සවස් කාලයේදි පැමිණීමත් නිසා එම වෙලාව ව්‍යායාම සඳහා ඇවිදීමට එතරම් සුදුසු වන්නේ නෑ

දවස අවසාන කාලයට ලගා වෙමින් තිබෙන නිසාත් , දවස පුරාම රථ වාහන වලින් ,කර්මාන්ත වලින් විවිධ වායුන් වායුගෝලයට එක් වී ඇති නිසා අධික ලෙස වායු දූශණය වී ඇති වෙලාවක් තමයි සවස් කාලය කියන්නේ.හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කරමින් ඇවිදීමට එය එතරම් හොඳ වෙලාවක් නම් නෙමෙයි

ඔබ උදෑසන සිටම කාර්‍යාලයේ වැඩ නිසා ඉතා කාර්‍යබහුලව ගෙවා දවස අවසානය වනවිට අධිකව වෙහෙසට පත්ව සිටිනවා.එවිට ඔබේ ශරීරය ඉල්ලා සිටින්නේ විවේකයක් මිස තවත් වෙහෙස වීමක් නෙමෙයි

සවස් කාලය කියන්නේ වාහන තදබදය ඉතා අධිකව පවතින වෙලාවක්. ඔබ ඇවිදීමට යන පාර හෝ , උද්‍යානය ,එහෙම නැත්තම් ඇවිදින මංතීරුව තියෙන්නේ නිවසට මදක් නුදුරෙන් නම් එයට ලගා වීමට ඔබට බොහෝ වේලාවක් ගතවෙනවා.එය නිකරුනේ කාලය අපතේ යැවීමක්

වාහන වල ශබ්දය , වාහන වල නලා ශබ්දය සහ ඇතැම් ආගමික ස්ථාන වල ශබ්ද විකාශන යන්ත්‍ර ආදියෙන් නිකුත් වන ශබ්දයන් ඔබේ මනස කලබලකාරී කරනවා මිස සන්සුන් කරන්නේ නෑ.ඒ නිසා සවස් කාලයේ ව්‍යායාම සඳහා ඇවිදීම ඔබේ මනසට සුවයක් ගෙන එන්නේ නෑ

පෙනහළු ක්‍රියාකාරිත්වය, ශරීර රිද්මය සහ උෂ්ණත්ව මට්ටම් පිළිබඳ පර්යේෂණ මගින් උදෑසන 6 සිට පමණ ව්‍යායාම කිරීම යෝග්‍ය බව සනාථ කර තිබෙනවා.උදෑසන ව්‍යායාම කිරීමෙන් දවසේ ඉතිරි කාලය තුළ ඔබේ පරිවෘත්තීය වැඩි දියුණු වීම සහ දවස වැඩිපුර කාර්යබහුල වීමට පෙර ව්‍යායාම කිරීම ඔබට වඩාත් ප්‍රතිලාභ ගෙන දෙනවා

ඔබේ ශරීරය මුළු රාත්‍රියේම නිරාහාරව සිටින බැවින් උදේ ව්‍යායාමයට පෙර ඔබට අවම වශයෙන් සැහැල්ලු කෑමක්වත් තිබිය යුතුය. ඔබ සාමාන්‍යයෙන් උදේ ආහාරය මඟහරින පුද්ගලයෙක් වුවත්,පෝෂණය සුළු ප්‍රමාණයක් ඔබේ ඇවිදීමට සහ ඔබට ශක්තිය ලබා දීමට උපකාරී වෙනවා.එම නිසා අනිවාර්යයෙන්ම සැහැල්ලු පලතුරක් ආහාරයට ගැනීමට හෝ පලතුරු යුශ වීදුරුවක් පානය කරන්න අමතක කරන්න එපා

සාමාන්‍ය පාරක ඇවිදිනවාට වඩා උද්‍යානයක හෝ ඇවිදින මංතීරුවක ඇවිදීම ඔබ ව්‍යායාම සඳහාම ඇවිදින බවට ඔබේ මනසට පණිවිඩයක් ලබාදෙනවා .එය ව්‍යායාම කිරීම සඳහා ඔබව තව තවත් උනන්දු කරවනවා.

ඇවිදීමට පෙර සහ ඇවිදීම අතරතුර ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම මගින් ඔබේ ශරීරය සජලීව තබා ගැනීමට උපකාරී වේ. එයට හේතුව ඔබේ ශරීරය විජලනය වීම මගින් ඔබට ඔක්කාරය, තෙහෙට්ටුව සහ කලන්තය වැනි තත්වයන් ඇති විය හැකි වීමයි.

ඔබේ මාංශ පේශීන් යථා තත්වයට පත් කිරීමට සහ ඔබේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා ඔබ පෝශ්‍යදායි උදෑසන ආහාර වේලක් ගත යුතු වෙනවා.යෝගට් සහ පලතුරු වැනි ආහාරයක් වුවත් මේ සඳහා සුදුසු වෙනවා

ව්‍යායාමයක් ලෙස උදෑසන ඇවිදීමෙදි යම් අවාසිත් තිබෙනවා.එනම් උදෑසන ඇති සිසිල් බව නිසා මාංශ පේශීන් උණුසුම් වීමට කාලය ගත වීම , ඔබ රැකියාවට යන කෙනෙක් නම් සැලකිය යුතු වේලාවක් ඇවිදීමෙහි නිරත වීමට නොහැකි වීම, ඔබට අලුයම අවදි වන්නට සිදුවීම වැනි දේවලුයි. ඉතින් උදෑසන ඇවිදීම සඳහා ඔබට ඒ වෙනුවෙන් යම් කාලයක් කැප කරන්නට වෙනවා.කොහොම උනත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් උදෑසන කාලයේ ඇවිදීමෙන් නිසා එය අතහැරීම නුවණට හුරු නැහැ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here