ඇවිත් ගිය පසු ශාස්තෘ
සිදුව ඇති දේ පසක් වන තුරු
පිදුම් ලැබුමෙන් උදම් වෙයි කඳු
බැතිමතුන් ලූ මළ මූත්තර
පිරී ඉතිරී ගඳ ගසයි
රසවතුන් වෙත වැසුණු වන පෙත
“දැන් සැපද ” කියලා අසයි
අවන්හල් විශ්‍රාම ශාලා
කන්දෙ එල්ලී කෑ ගසයි
“මගේ පාඩුවෙ ඉන්න බැරි මට
ශාස්තෘ මෙහි ආ නිසයි”
ඇවිත් ගිය පසු ශාස්තෘ
සිදුව ඇති දේ පසක් වන තුරු
පිදුම් ලැබුමෙන් උදම් වෙයි කඳු
~ රුවන් බන්දුජීව
Saru FM Media