
ඇල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි 25 හැවිරිදි ඇල්ජීරියානු තරුණියක් සන්තකයේ තිබූ වටිනා දේපළ සොරාගැනීමේ චෝදනාවට ලක්ව සිටින 70 හැවිරිදි සංචාරක මඟපෙන්වන්නෙකු මෙම මස 10 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක කාලයකට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
ඇල්ල පොලිසියේ නිලධාරීන් විසින් කරන ලද විමර්ශනවලට අනුව, එම සංචාරක තරුණිය ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, සංචාරක මඟපෙන්වන්නා ලෙස ක්‍රියා කළ කුලී රථ රියදුරෙකු විසින් ඇයට නින්ද ගෙන දෙන ද්‍රව්‍ය මිශ්‍ර කළ පලතුරු පානයක් ලබා දී ඇත. මෙම පානය පානය කිරීමෙන් පසු තරුණිය සිහිමූර්ජා වූ අවස්ථාවේ, සැකකරු විසින් ඇය සන්තකයේ තිබූ ජංගම දුරකථන සහ මුදල් ඇතුළු රුපියල් ලක්ෂ 8ක පමණ වටිනාකමින් යුත් දේපළ සොරාගෙන ඇති බව ඇගේ පැමිණිල්ලේ සඳහන් වී ඇත.
ඇල්ල පොලිස් ස්ථානාධිපති උපේන්ද්‍ර අබේගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස,
සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වාගෙන යන අතර, සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සංචාරක පොලිස් ඒකකය විසින් අතිරේක පියවර ගෙන ඇති බව වාර්තා වේ.
Saru FM Media