ඇමරිකාවේ තීරු බදු වලට හිස නොනමන බව චීනය කියයි: හෙට සිට ඇමරිකාවට 50%ක නව තීරු බද්දක්

0
23


සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයට පනවන ලද 54%ක බදු වහාම අවලංගු නොකළහොත් ඇමරිකාවට අමතරව 50%ක තිරුබද්දක් පනවන බවට චීනය නිවේදනය කර තිබේ.

මේ සමබන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකශ කර තිබුණේ, ඇමරිකානු බදු වලට හිස නොනමන බවත්, මෙම බදු එක්සත් ජනපද අවශ්‍යතා සහ ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට හානි කරන බවත්, වෙළඳ යුද්ධයක ජයග්‍රාහකයෙකු නොමැති බවත්, මෙම බදු සමස්ත ගෝලීය ආර්ථික සංවර්ධනයට අනතුරක් වන බවත්ය.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් ඕවල් කාර්යාලය තුළ වාර්තාකරුවන්ට ප්‍රකශ කර තිබුණේ, බීජිං හෙට(19) මධ්‍යහ්නය වන විට එහි පළිගැනීමේ බද්ද ඉවත් නොකළහොත් නැවත 50% ක අමතර තීරුබදුවක් පනවන බවයි.

මෙම බදු ක්‍රියාත්මක වන්නේ නම් චීනයෙන් ඇතැම් භාණ්ඩ ගෙන එන සමහර එක්සත් ජනපද සමාගම් 104% ක බද්දකට මුහුණදෙනු ඇති අතර ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර තිබුණේ, ගෝලීය තීරුබදු අත්හිටුවීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here