ඇමරිකාව සමඟ සාකච්ඡා කරන රටවල් වලට චීනය අනතුරු හඟවයි !

0
8


ඇමරිකාවේ පලවන WALL STREET JOURNAL පුවත්පත ට්‍රම්ප් පාලනය චීනය සමග වෙළඳ සම්බන්ධකම් පවත්වන රටවල් වලට අනිසි බලපෑම් සිදු කරන බවට පසුගිය අප්‍රියෙල් 15 වැනිදා හෙළි දරව්වක් කරනු ලැබිණි.

මෙම හෙළිදරව්වත් සමග ඇමරිකානු තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා වලදී එක්සත් ජනපදය “සතුටු කරන” රටවල් චීනය විසින්ද අද සඳුදා දිනයේ හෙළා දුටුවේය. එසේම බිංජි පාලනය සඳහන් කරනුයේ තම වෙළඳ අවශ්‍යතාවලට හානි කරන ඕනෑම ද්වි පාර්ශ්වික හෝ බහු පාර්ශ්වික ගිවිසුමකට “තමන් දැඩි ලෙස විරුද්ධ” වන බවයි. මේ වන විට ට්‍රම්ප් පාලනය බොහෝ චීන නිෂ්පාදන සඳහා 145% ක තීරුබදු පනවා ඇති අතර සමහර අවස්ථාවල එය 245% දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

ඊට ප්‍රතිචාර වශයෙන් චීනය ඇමරිකානු නිෂ්පාදන සඳහා තමන්ගේම 125% ක තීරුබදු අගයක් පැනවූ අතර වෙළඳ යුද්ධයට “කටුක අවසානයක් දක්වා” තල්ලු කිරීම දක්වා තම රට සටන් කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මාධ්‍ය වෙත අවධාරණය කර සිටියේය.

මේ වන විට උත්සන්න වී ඇති චීන ඇමරිකානු වෙළඳ යුද්ධය ලෝක ආර්ථිකය තුල දැවැන්ත ආර්ථික අවපාතයක් නිර්මාණය කරමින් පවතින බව ආර්ථික විශේෂඥයින් මේ අතර පෙන්වා දෙමින් සිටි. එසේම චීන ජනාධිපති XI JINPING පසුගිය දා වියට්නාමයේ සංචාරය කරමින් වියට්නාම විමුක්ති ව්‍යාපාරයේ නියමුවා වන හෝචිමිං ගේ පිළිරුව ඉදිරියේ මල් කළඹක් තබමින් ප්‍රකාශ කලේ ඇමරිකාව විසින් සිදු කරමින් තිබෙන වෙළඳ බියගැන්වීම් වලට එරෙහිව ආර්ථික ස්ථාවර භාවය දිගටම පවත්වා ගැනීම සඳහා වියට්නාමය වටින සහකරුවෙකු ලෙස සලකන බවයි.

ඉන් පසුව චීනය හා වියට්නාමය ආර්ථික, ආරක්ෂක, AI නව තාක්ෂණය පිලිබඳ ගිවිසුම් 45කට අත්සන් තබනු ලැබිණි. පසුගිය දා ඇමරිකානු ට්‍රම්ප් පාලනය වියට්නාමය විසින් ඇමරිකාවට අපනයනය කරනු ලබන කාර්මික භාණ්ඩ වලට එරෙහිව ද 45%ක තීරු බදු අගයක් පනවා තිබිණි.

එක්සත් ජනපදය සමග වෙළඳ කටයුතු සිදු කරන හවුල්කාර රටවල් සඳහා අවම වශයෙන් පනවන ලද 10% ක අධිභාරයකට යටත් වුවද, දින 90 ක රේගු බදු අත්හිටුවීමක් මේ දක්වා ක්‍රියාත්මක වේ. මෙම රටවල් බොහොමයක් මේ වන විට වොෂින්ටනය සමඟ සාකච්ඡාවල නිරත වෙමින් සිටි.

කෙසේවෙතත් සඳුදා චීනය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූයේ, ලෝක වෙළඳ පල තුල තමන්ගේ ආර්ථික අවශ්‍යතා පාවා දෙන ඕනෑම ගිවිසුමකට තමන් එරෙහි වන බවත්, එවැනි සම්මුති වලට එළඹෙන සියළු රටවලට අනතුරු හැඟවීමක්ද සිදු කරන බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මගින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඇමරිකානු රේගු බදු වලින් නිදහස් කිරීමට නම් චීනය සමඟ ඔවුන්ගේ වෙළඳාම සීමා කරන ලෙස වොෂින්ටනය ඇතැම් රටවලින් ඉල්ලා සිටීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන වෙළඳ අමාත්‍යංශය මෙසේ පවසා තිබිණි.

“චීනයේ අවශ්‍යතාවලට අහිතකර ලෙස සිදු කරන ඕනෑම වෙළඳ ගිවිසුමකට හා එසේ උත්සහ කරන ඕනෑම පාර්ශ්වයකට එරෙහිව බීජිනය දැඩි ලෙස විරුද්ධ වෙනවා සේම එවැනි තත්වයක් ඇති වුවහොත්, චීනය කිසි විටෙකත් එය පිළිගන්නේ නැති අතර අධිෂ්ඨානශීලීව අන්‍යෝන්‍ය වශයෙන් තම ප්‍රතිවිරෝධිතාවයන් දක්වනු ඇත. අන් අයගේ අවශ්‍යතාවලට හානි කරමින් තමන්ගේම තාවකාලික ආත්මාර්ථකාමී අවශ්‍යතා සෙවීම මගින් අවසානයේ සිදු වනුයේ දෙපැත්තම අසාර්ථක වීම වන අතර එවැනි සම්මුතීන් සියළු දෙනාටම හානි කරදායක වනු ඇත යයි,” ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

මෙම චීන නිවේදන ප්‍රකාශ නිකුත් වනුයේ වොෂින්ටනය සහ ආසියානු කලාපයේ ඇමරිකානු වෙළඳ හවුල්කරුවන් අතර සාකච්ඡාවල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන සලකුණු කිහිපයක් තිබියදීය. නමුත් ආර්ථික විශේඥයින් පෙන්වා දෙන්නේ “ආයෝජන, කාර්මික යටිතල පහසුකම්, තාක්ෂණය සහ පරිභෝජනය සඳහා කිසියම් හෝ රටක් චීනය මත දැඩි ලෙස යැපෙන්නේ නම්, ඔවුන් හට එක්සත් ජනපද ඉල්ලීම් පිළිගැනීමට ඉඩක් නැති බවයි. අග්නිදිග ආසියාවේ බොහෝ රටවල් මෙම ගණයට වැටෙන බව ඔවුන් උදාහරණ ලෙස පෙන්වා දෙයි.

දකුණු කොරියාවද සිය මුදල් හා වෙළඳ අමාත්‍යවරුන් ඉහළ මට්ටමේ වෙළඳ සාකච්ඡා සඳහා මේ සතියේ වොෂින්ටනයට යැවීමට නියමිත බව සෝල් නුවර නිවේදනය කළේය. ධවල මන්දිරය තම තර්ජන ක්‍රියාත්මක කළහොත්, එහි දේශීය දැවැන්තයින් වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සහ මෝටර් රථ නිෂ්පාදක හුන්ඩායි සමාගම්වලට දැඩි ලෙස පහර වැදීමට සිදුවනු ඇතැයි දකුණු කොරියාව බියට පත් වී සිටි.

පසුගිය සතියේ ජපාන රේගු නියෝජිත රියෝසෙයි අකාසාවා වොෂින්ටනයට ගිය අතර එහිදී ඔහු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සාකච්ඡා “ලෝකයටම ආදර්ශයක්” විය හැකි බව ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සෙනසුරාදා පැවසීය. ජපාන නියෝජිතයා සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති ට්‍රම්ප් පෞද්ගලිකව මැදිහත් වී තිබිණි.

“ජපානය ඇමරිකාවේ මිත්‍රයා, එක්සත් ජනපදයේ විශාලතම ආයෝජකයා සහ රැකියා නිර්මාපකයා,” යයි ඉෂිබා පසුව මාධ්‍ය වෙත පවසා සිටියේය.

එහෙත් ජපන් මාධ්‍ය ආයතන කිහිපයකට අනුව, ටෝකියෝවට සහනයක් ලෙස ඇමරිකානු සෝයා බෝංචි සහ සහල් ආනයනය වැඩි කිරීමට එකඟ වී ඇති අතර ඇමරිකාවට අපනයනය කරනු ලබන ජපාන මෝටර් රථ ආරක්ෂණ ප්‍රමිතීන් ලිහිල් කිරීමට ඇමරිකාව සහය පල කර ඇත. කෙසේ වෙතත්, “ආරක්ෂාවට” හානි කරන කිසිවක් පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බව ජපාන අගමැති සඳුදා ප්‍රකාශ කළේය.

මේ අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා මධ්‍යයේ, එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී වැන්ස්ද දින හතරක නිල සංචාරයක් සඳහා සඳුදා ඉන්දියාවට ගොඩ බැස්සේය.

මූල්‍ය වෙලඳපොලවල් කැලඹීමකට ඇද දමා ගෝලීය අවපාතයක් පිළිබඳ බිය ජනිත කර ඇති බීජිං සහ වොෂින්ටනය අතර පවතින ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සඳුදා නැවතත් සඳහන් කලේ “ඒකපාර්ශ්විකත්වය සහ වෙළඳ ආරක්ෂණවාදය” හෙළා දකින බවත් “විවෘතභාවය” සහ “අන්‍යෝන්‍ය ප්‍රතිලාභ” බෙදා ගැනීම සඳහා සහය වන ලෙස ඉල්ලා සිටියේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here