ඇමරිකානු යුද ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි – Saru News | සිංහල

0
3

ඇමරිකාවේ ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙසින් සිටි Joe Kent වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස් වෙන බව නිවේදනය කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය ද ඇතුලත් කරමින් ඔහුගේ X ගිණුමේ සටහනක් තබා තිබේ.

තම හෘදය සාක්ෂියට එකඟව තවදුරටත් ඉරානයට එරෙහි යුද්ධයට සහයෝගය දිය නොහැකි බවත්, ඇමරිකාවේ ධන කුවේරයන් අතලොස්සකගේ සහ ඊශ්‍රායල් අගමැතිවරයාගේ බල කිරීම මත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යුද්ධය ආරම්භ කරන ලදැයි ඔහු චෝදනා කර තිබේ. මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා කිසිදු තැකීමකින් තොර ප්‍රතිචාර දක්වා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජෝ කෙන්ට් ඇමරිකානු විශේෂ හමුදා බලකායේ නිලධාරියෙකු ලෙස සුවිශේෂී විදේශ මෙහෙයුම් 11කට සක්‍රියව සහභාගී වී ඇත. එමෙන් ම, CIA සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර තිබේ.

රතු මුහුදේ නවතා තිබු USS ජෙරල්ඩ් ෆෝඩ් නමින් හඳුන්වන ලොව විශාලතම යුද නෞකාව හෝමුස් සමුද්‍ර සන්ධිය කරා යැවීමට ඇමරිකානු ජනාධිපතිවරයා දින කිහිපයකට පෙර තීරණය කර තිබුණ ද එම අදහස වෙනස් කර එය ග්‍රීසිය දෙසට යොමු කර ඇති බව නවතම වාර්තාවලින් දැක්වේ.