බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්වරුන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් සකසා කූඨ ලෙස මුදල් එකතු කර භික්ෂූන් වහන්සේ නමක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.
21 හැවිරිදි හිමිනම අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩවාසය කළ මුරුතලාව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයට වැඩසිටියදීයි.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පාසල් දරුදැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට බව පවසමින් කූඨ ලෙස සැකසූ ලිපි කිහිපයක් ද එම භික්ෂූව සතුව තිබී විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබේ.
එම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ගේ අත්සනින් යුතු ඒවා බව වාර්තා වේ.
අදාළ ලිපි පෞද්ගලික ආයතන වෙත යොමුකරමින් සැකකාර භික්ෂුව මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පොලිස් විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස්මත ක්‍රියාත්මක බව සඳහන් වේ.
Saru News










