ඇඳුම් නවන්න අකමැති ඔබට ඇඳුම් පිළිවෙලට තියාගන්න ටිප්ස්

0
17


අල්මාරිවල සාමාන්‍යයෙන් ඇඳුම් නවලා තට්ටු විදියට අහුරන සැකසුම් නේ තියෙන්නේ. ඒ වෙනුවට හැන්ගර්ස් වල ඇඳුම් එල්ලන්න පුලුවන් සැකැස්මක් හදා ගන්න. මේකට අල්මාරියේ තියෙන තට්ටු ටික අයින් කරගන්න වෙනවා. මේ විදියට කලිසම්, සාරි, හැට්ට, ගවුම් වගේම යට ඇඳුම් වුණත් අහුරගන්න පුලුවන්. මේ විදියට ඇඳුම් එල්ලගන්න එකේ තියෙන පහසුව තමයි ඇඳුම් පොඩි නොවෙන එක. අනෙක් කාරණාව ඔක්කොම වගේ ඇඳුම් එක පාරම ඇහැට යන නිසා ඇඳුම් තෝරගන්න ගියාම පහසුව. ඇඳුම් අයන් කරලාම එල්ලලා තියන්න පුලුවන් නිසා ගෙදර විදුලි බිලත් ඉතුරු වේවි. 

හැන්ගර්ස් වල දාලා ඇඳුම් එල්ලන  වැඩේටත් වෙලා නැත්නම් ඊළඟට උත්සාහ කරන්න පුලුවන් ක්‍රමයක් තමයි මේක. මේකේදි වෙන වෙනම බහාලන කිහිපයක් මිලයට ගන්න වෙනවා. සාමාන්‍යයෙන් අල්මාරියේ තට්ටුවක දිග පළල සලකලා තමයි මේ බහාලුම් මිලදී ගන්න වෙන්නේ. ඊට පස්සේ වෙන් වෙන්ව ඇඳුම් එක් එක් බහාලනයට දාන්නයි තියෙන්නේ. ගවුම්, කලිසම්, සාරි, සාරි හැට්ට, සාය වගේම යට ඇඳුම් පවා මෙහෙම බහාලන වලට දාන්න පුලුවන්.  මේ ක්‍රමයේදී ඇඳුම් පොඩි වෙලා යන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඒ වගේම ඇඳුමක් තෝරගන්න ගියාම ඔලුව කැක්කුම හැදෙනවා වගේ වෙන්නත් පුලුවන්. 

නවන එක කම්මැලී වුනාට රෝල් කරලා ඇඳුම් අහුරන එක කම්මැලී නෑනේ නේද? සාරි , කලිසම්, ගවුම් මේ විදියට පහසුවෙන්ම අහුරගන්න පුලුවන්. අඩු ඉඩකින් වැඩි ඇඳුම් ප්‍රමාණයක් අහුරගන්න පුලුවන් වීම මේ විදියේ වාසියක්. ඒ වගේම  ඇඳුම් හොයාගන්න ගියාමත් පහසුයි. 

ඇඳුම් නවන්න කම්මැලී බොහෝ දෙනෙක් අල්මාරි වෙනුවට පාවිච්චි කරන උපක්‍රමයක් තමයි මේ ප්ලාස්ටික් ලාච්චු සෙට්. ඔබගේ ඇඳුම් එකතුවේ හැටියට ලාච්චු සෙට් කිහිපයක්ම මිලදී ගන්න නම් වෙනවා. ඒත් ඒක කල්පැවැත්ම ඉහල නිසා පාඩුවක් නම් වෙන්නේ නෑ. එතකොට වෙන වෙන ඇඳුම් වලට වෙන වෙනම ලාච්චු වෙන් කරගත්තම ඔයාට පහසුයි.

මෙතනදී අල්මාරියට වඩා ඉඩ තියෙන එක තමයි වාසිය. Wardrobe එක පහසු විදියට, අවශ්‍යතා අනුව සකස් කරවාගන්න පුලුවන්. ගෙදරටම ඇවිල්ලා සේවා සපයම අයත් ඕනි තරම් ඉන්නවා. අල්මාරි වලට වඩා ඉඩ තියෙන නිසා කැමති කැමති විදියට ඇඳුම් තියාගන්න පුලුවන්. හැන්ගර්ස් වල එල්ලන එක, බහාලන වල දාන එක  වගේම කෙලින්ම රැක් එකකම දාන එකත් අවශ්‍යතාවය අනුව ගලපගන්න පුලුවන් .

ඉතින් , ඔයා රෙදි වේලුණාට පස්සේ නවලා තට්ටුවට තියන්න අකමැති කෙනෙක් නම්, ඔයාට මේ එක ක්‍රමයක් හරි පුරුදු වෙන්නම වෙනවා.  එහෙම නැත්නම් හැමදාම උදේට රෙදි කන්දක් කකුල් දෙක ළඟට කඩාගෙන වැටෙන එකට හුරුවෙන්න වෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here