ශරීරයේ බර අඩු කරගන්න අපි නොයෙකුත් ව්‍යායාම කරනවා.ඇවිදීම සහ දිවීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.ඇත්තටම බර අඩු කරගන්න ඇවිදීමද නැත්තම් දිවීමද හොඳ කියලා මේ ලිපියෙන් අපි කතා කරමු.
ව්‍යායාම කරන්න කලින් ඒවයින් අපිට ලැබෙන ප්‍රයෝජන දැනගෙනම ව්‍යායාම කරන එක තමයි ගොඩක් සුදුසු වෙන්නේ.ඉතින් අපි ඔබට කියන්න හදන්නේ ශරීරයේ බර අඩු කරගන්න ඔබ ඇවිදින එක සහ දුවන එක ගැනයි.
ඇවිදීම සහ දිවීම යන දෙකම අයත් වන්නේ Cardio Exercises වර්ගයටයි.මේ කාර්‍ය්යන් දෙකෙන්ම අපිට ලැබෙන වාසි තිබෙනවා.
ඇවිදීම මඟින් දිවීමට සමාන කැලරි ප්‍රමාණයක් දහනය කරගන්න පුලුවන්. නමුත් ඇවිදීම මගින් දහනය වන කැලරි ප්‍රමාණය මෙන් දෙගුණයක කැලරි ප්‍රමාණයක් දිවීම මගින් එකවර දහනය වෙනවා
ඔබ ව්‍යායාම කිරීමට අලුත් නම් හො ඔබට දිවීමට අපහසු නම් ඔබට ඇවිදීමේ ව්‍යායාමය තෝරාගන්නට පුලුවන් . ඒ වගේම ඕනෑම ව්‍යායාමයක් සඳහා එළඹීමට පෙර ශරීරය උණුසුම් කරගන්නටත් ඔබට ඇවිදීම උපයෝගී කරගන්න පුලුවන්
ඇවිදීම සහ දිවීම යන දෙකම බර අඩු කර ගැනීම සහ හෘද සෞඛ්‍යය සඳහා සුදුසු ව්‍යායාම වනවා.මෙම ක්‍රියාකාරකම් දෙකම පුද්ගලයෙකුට කැලරි දහනය කිරීමට, බර අඩු කර ගැනීමට සහ හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වන අතර, වඩා හොඳ කුමක්ද යන්න පිළිබඳව බොහෝ විවාද පවතිනවා.එයට හේතුව වන්නේ ඇවිදින විට සහ ධාවනය වන විට පුද්ගලයෙකු දහනය කරන කැලරි ගණන සාධක කිහිපයක් මත රඳා පැවතීමයි
ඇවිදීමට වඩා දිවීම නිසා තුවාල වීමේ වැඩි අවදානමක් තිබෙනවා.මෙයට හේතුව දිවීම වැඩි තීව්‍රතාවයකින් යුක්ත වන අතර ශරීරයට වැඩි ආතතියක් ඇති කිරීමයි.විශේෂයෙන්ම සන්ධි වලට දිවීම මගින් තරමක බලපෑමක් ඇතිවෙනවා.
වෛද්‍ය අධ්‍යයන වලින් හෙළි වී ඇති ආකාරයට ඇවිදින්නන්ට තුවාල වීමේ අවදානම අඩු වන අතර ධාවකයන්ට තුවාල සිදු වීමේ ඉහළ අවදානමක් තිබෙනවා
ධාවකයන් සඳහා, දිවීම ආශ්‍රිත තුවාල ඇතිවීමේ අවදානම අවම කිරීමට පියවර ගැනීම ඉතා වැදගත් වෙනවා.
නමුත් ඔබ ව්‍යායාම ආශ්‍රිතව සිදුවන තුවාල ගැන සැලකිලිමත් වන්නේ නම්,දිවීම වෙනුවට ඇවිදීම ගැන සලකා බැලිය හැකි අතර, එමඟින් ඔබට දිවීමට සමාන සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන අතර තුවාල වීමේ අවදානමත් අඩු වනවා.
කෙසේ උනත් දිවීම අරමුණු කරන අයට ඊට පෙර ආතරයිටීස්, හෘද රෝග, හෝ වෙනත් නිදන්ගත රෝග තත්ත්වයන් තිබෙනවාදැයි පළමුව තමන්ගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.
වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කිරීමට බලාපොරොත්තු වන අයට දිවීම වඩාත් යෝග්‍ය වන අතර ව්‍යායාමය සඳහා ඔබ ඇවිදීම , දිවීම යන්නෙන් කුමක් තෝරා ගත්තත් එය දිනපතා නිසි පරිදි සිදු කල යුතුය.නැතිනම් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඔබට ලබා ගැනීමට හැකිවන්නේ නෑ.ඒ නිසා ඔබට සහ ඔබේ සෞඛ්‍ය තත්වයට සුදුසු දේ තෝරාගෙන කිරීමට අපි ඔබට යෝජනා කරනවා.
Saru FM Media