ඇත්තටම ඇයි ඇස් වටා කළු වෙන්නේ?

0
4

ඇස් වටා කළු වීම අපිට වියපත් පෙනුමක් ලබා දෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වන කාරණයක්. ඇස් වටා කළු වෙන්න විවිධ ප්‍රතිකාර කරන්න අපි පෙළඹුණත් ඇස් වටා කළු වෙන හේතු ගැන ඔබ දැනුවත් ද?

ජානමය සාධක

සමේ ස්වභාවය, ඇස් වල පැහැය වගේම ඇස් වටා රැළි කියන මේ තත්ත්වය  ජානමය හේතු මත ඇති වෙන්න ඉඩ තියෙනවා.

සමේ තෙතමනය නැති වීම

සමේ තෙතමනය නැති වීමෙන් සම වියළීමට ලක් වෙනවා වගේම  මුහුණ රැලි වැටෙන්නත් හේතු වෙනවා.

අත්‍යාවශ්‍ය පෝෂණ අවශ්‍යතා නොලැබී යාම

සමේ පෝෂණයට විශේෂයෙන් අවශ්‍ය කරන විටමින් A , C , K  සහ E යන පෝෂණ අවශ්‍යතා සම්පුර්ණ නොකිරීමත් ඇස් වටේ කළු වෙන්නට හේතුවක්.

අයහපත් පාරිසරික සාධක

අධික උෂ්ණත්වය, අධික සිතල වැනි හේතුන් නිසා ඇස් වටා රැලි ඇති වීම, සම වියලීම ඇති වෙන්න පුළුවන්.

අහිතකර හිරු කිරණ වලට නිරාවරණය

හිරු රැස් වල ඇති අහිතකර UV  කිරණ ඇස් වටා රැළි ඇති වෙන්නටත්  ඇස් වල පෙනුමට බාධා ඇති කරන්නටත්, සම වියලීමට ලක් කරන්නටත් සම මත ලප ඇති කරන්නත් බලපෑම් ඇති කරනවා.
-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here