ආයුර්වේදයට අනුව පුරුෂයන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක බව ඉහළ දමන ආහාර

0
4

දරුවෙක් බලාපොරොත්තු වෙනකොට අපි නිතරම සැලකිලිමත් වෙන්නේ කාන්තාවන් හැටියට අපේ සෞඛ්‍යමත් බව ගැන.අපි ගන්න ආහාර ගැන සැලකිලිමත් වෙමින් ගර්භාෂයේ නීරෝගීතාවය සහ සිසිල් බව පවත්වා ගන්නත් අපි උනන්දුයි. නමුත් සමහර පරීක්ෂණ වලින් සැමියාගේ ශුක්‍රාණු වල දුර්වලතා නිසා දරුවන් පිළිසිද ගැනීමේ ගැටලු ඇතිවෙනව. පිරිමින්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක බව ඉහල දමන ක්‍රම අතර ආහාර තුලින් ශුක්‍රාණු වල ගුණාත්මක වැඩි කිරීම ගැන අපි අද කතා කරනව. ඉතින් කාන්තාවක් ලෙස ඔබත් මේ කරුණ ගැන සැලකිලිමත් නම් මේ ලිපිය ඔබට වැදගත් වේවී. පහත දක්වා ඇති ආහාර හා ආයුර්වේද පාන පුරුෂයන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක බව ඉහළ දමන ආහාර වේ.

ආයුර්වේදයට අනුව පිරිමින්ගේ ශුක්‍රාණු මට්ටම ඉහල දමන ආහාර

ශුක්‍රාණු වර්ධනය වෙන්නට වඩා වැදගත් වෙන්නේ සිසිල් ගුණයෙන් යුතු ආහාරයි.

ධාන්‍ය වර්ග

  • සුවදැල්
  • කහවණු
  • කුරුළුතුඩ
  • මඩ තවාලු
  • ඇල්හාල් වැනි දේශිය සහල්
  • බාර්ලි

රනිල බෝග

  • මුං ඇට
  • සුදු කව්පි
  • කළු කව්පි
  • කොණ්ඩ කඩල
  • කොල්ලු
  • උඳු
  • වඳුරු මෑ (මෙය ආයුර්වේද ඖෂධහල් වලින් මිලට ගත හැකියි.ඉතා ස්වල්පයක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්.වාජීකරණ ගුණය ඉතාමත්ම වැඩි ආහාරයක්.)

එළවලු

  • බෝංචි
  • ළපටි වඳුරු මෑ
  • දඹල
  • කොස්
  • පොලොස්
  • කිඩාරම් අල
  • මෑ කරල්
  • කතුරුමුරුංගා
  • වට්ටක්කා
  • කෙසෙල් මුව

පලාවර්ග

  • නිවිති
  • සාරණ
  • වට්ටක්කා දළු
  • තෝර වර්ග -පෙති තෝර, තෝර
  • කංකු
  • කතුරුමුරුංගා
  • ගොටුකොළ
  • වැල් පෙනෙල
  • මුකුණුවැන්න
  • මිංචි
  • රතුළූණු කොළ

කුළු බඩු

  • සුදු ළූණු
  • රතු ළූණු
  • අමු මිරිස්
  • සාදික්කා
  • කරාබු නැටි
  • වසාවාසි
  • එනසාල්

පළතුරු

  • දූරියන්වල ඉතා ඉහළ වාජීකරණ ගුණයක් පවතිනවා.
  • කෙසෙල් – රත් කෙසෙල්, නේත්‍රපලම්,කෝලිකුට්ටු,සුවඳැල්
  • ලාවුලු
  • අලිගැටපේර
  • ඇඹරැල්ලා
  • අඹ
  • ගස්ලබු
  • පේර
  • කොමඩු
  • කළු උක්
  • රට ඉඳි
  • කජු
  • ආමන්ඩ්
  • මුද්දරප්පලම්
  • වරකා

සත්ව ආහාර

  • වටු බිත්තර
  • ගං බිත්තර
  • ගම් කුකුළු මස්
  • වටු කුරුළු මස්
  • ඉස්සෝ
  • ඌරු මස්
  • තෝර මාලු
  • එළු මස්
  • එළු කිරි
  • බටර්
  • චීස්
  • යෝගට්
  • මුදවපු කිරි
  • මෝරු

පාන වර්ග

  • බාර්ලි තැම්බූ වතුර
  • සව් කැඳ
  • මුං කැඳ
  • උඳු කැඳ
  • කොල්ලු කැඳ
  • වැල් පෙනෙල කැඳ
  • ඉරමුසු ,ගොටුකොළ ,මොණරකුඩුම්බිය කැඳ
  • නෙළුම් අල කැඳ
  • කිරි කැඳ

ශුක්‍රාණු වර්ධනය ඉහළ දමන විශේෂයෙන් සකස් කල පාන වර්ග දෙකක්

උඳු පිටි,කැකුළු හාල්, පොල් කිරි වලින් කැඳක් සාදා ගන්න
එයට රට ඉඳි,මුද්දරප්පලම් සහ කජු එකතු කරන්න

දූරියන් ඇට පලා රැයක් පුරා සීතල වතුර වීදුරුවකට දමා තබන්න
උදෑසනට පානය කරන්න

ඔබ දෙදෙනා දරුවෙක් පිලිසිඳ ගැනීමක් අපේක්ෂා කරනවා නම් ඔබේ සැමියාගේ ආහාර වේලට මේ ගුණදායක ආහාර වර්ගත් අනිවාර්යයෙන් එකතු කරන්න අමතක කරන්න එපා.

මඳසරු භාවයට හේතුවන ආහාර

  • සෝයා මීට්,සෝයා කිරි,ටෝෆුවල ඊස්ට්‍රජන් වැඩි නිසා ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම අඩු කරනවා
  • දුම්වැට් සහ මත්ද්‍රව්‍ය
  • අධික තෙල් සහිත ආහාර
  • මධ්‍යසාර, කෝලා වර්ග
  • රතු මස්

මේවායින් වැලකී ගුණදායක ආහාර පමණක් ආහාරයට ගෙන ඔබේ සිහිනය ඉක්මනින් ඉටු කර ගන්නට අපේ සුබ පැතුම්

තොරතුරු සැපයීම
රුචිරා නිශ්ශංක
බී.ඒ.එම්.එස්(ගෞරව )කොළඹ විශ්ව විද්‍යලය
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී(වැලිමඩ )

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here