අද වනවිට සුලබවම හමුවන රෝගී අවස්ථාවක් විදියට අධි රුධිර පීඩනය ( High Blood Pressure ) එහෙමත් නැත්නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වන අධි රක්තචාපය රෝගය ඇතැම් විට කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අවස්ථා වගේම වෙනත් රෝගයක ලක්ෂණයක් විදිහට ද ඔබේ සිරුරේ තිබීමට පුළුවන්. ඒ නිසාම මේ රෝග තත්ත්වය සුළු කොට සැලකීම කිසිසේත්ම නොකළ යුතුයි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සිරුරේ ත්‍රී දෝෂ ( වා/පිත්/සෙම් ) වලින් එකක් හෝ කිහිපයක් අසමතුලිත වීම හරහා තමා සිරුරේ යම්කිසි රෝගයක් හටගන්නේ. ත්‍රී දෝෂ අතරින් ලේ වල ගමනාගමනයට හේතු වන්නේ වාතයේ දෝෂයේ ක්‍රියාකාරිත්වය. ආයුර්වේදය තුළ වාතය මඟින් තමයි සිරුර පුරා ගමන්කරන රුධිරය තල්ලු කිරීම සිදුවන්නේ. එහි අසමතුලිතතාවය නිසා මෙවැනි රෝග මතුවීම සිදුවන්නේ.
රුධිර පීඩනය යනුවෙන් අදහස් කරන්නේ,
හෘදය වස්තුව සංකෝචනය වීමේ දී ඉහිල් වීමේ දී ප්‍රධාන ධමනි බිත්ති මත රුධිර ධාරාව මගින් ප්‍රේරණය කරනු ලබන පීඩනයයි.
රුධිර පීඩනය මැනිමේ දී අගයන් 02ක් දක්වන අතර නවීන විද්‍යා මතය නම්, ඒ අගයන් 02ක වන්නේ හෘදය සංකෝචනය වන විට රුධිර ධමනි මත රුධිර ධාරාව ප්‍රේරණ කරන පීඩනය හා හෘදය සංකෝචන දෙකක් අතරමැද විවේක අවස්ථාවල දී ධමනි බිත්ති මත රුධිර ධාරාව මඟින් ඇති කරන පීඩනයයි. මෙහි සාමාන්‍ය අගය 120/80 ( mmHg ) වන අතර මෙම අගයන් මේ මට්ටමින් හෝ ඊට පහළ මට්ටමින් පවත්වා ගැනීම නිරෝගීව සිටීමට උපකාර වෙනවා.
ස්ත්‍රී / පුරුෂ භේදය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව මේ රුධිර පීඩනය තරමක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ අගය 140 / 90 ( mmHg ) ට වඩා වැඩි වුවහොත් එය අධික රුධිර පීඩන තත්ත්වයක් ලෙස සලකනවා.
ඔබ දන්නවා ද ?
සාපේක්ෂව කාන්තාවන්ට වඩා පුරුෂ පක්ෂය අධි රුධිර පීඩනයට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි බව දක්වනවා. බොහෝ දෙනෙක් මේ රෝගයෙන් පෙළුණත් රුධිර පීඩන තත්ත්වය පරික්ෂා කර නොගැනීම නිසා තමාට මෙවැනි රෝග තත්ත්වයක් ඇති බව දන්නැහැ. දැනගත්තත් ඇතැමුන් ප්‍රතිකාර වලට යොමු වන්නැහැ. ඒ හරහා අවදානම් තත්ව මතුවීමට පුළුවන්.
වැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් ඔබ අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගියෙකු වීමට පුළුවන්. සමහර වේලාවට ඒ රෝග ලක්ෂණ නිසාම ඇති වු ඒවා බව හෙළිවන්නේ වෛද්‍ය පරික්ෂණයක දී.
රුධිර පීඩනය ක්ෂණික ලෙස වෙනස් වන නිසා අගයන් තීරණය කිරිමේ දී කිහිප වාරයක් පීඩනය මැන බැලීම කළ යුතු වෙනවා.
අධි රුධිර පීඩනය නොසලකා හැරීම තුළ බොහෝ උපද්‍රව / සංකූලතා නැත්නම් අතුරු ආබාධ ඇති කිරීම හා මාරාන්තික වීම.
අධි රුධිර පීඩනය දිගින් දිගටම පැවතීම නිසා හෘදය ක්‍රමයෙන් දුර්වල වී විඩාවට පත් වී හෘද බිත්ති ඝන වී හෘදය අක්‍රීය වීමට පටන් ගන්නවා.
තව ද ක්‍රමයෙන් වකුගඩු අක්‍රියභාවයට පත් වී වකුගඩු රෝගියෙකු නිර්මාණය වෙනවා.
වකුගඩු දුර්වල කිරීමට අධී රුධිර පීඩන තත්ත්වයන් හේතු වන අතරම, වකුගඩු රෝගී තත්ත්වයන් ද අධි රුධිර පීඩනය ඇති කිරීමට හේතු වෙන්න පුළුවන්. රුධිර වාහිනි පුපුරා යාම ද අධි රුධිර පීඩනය නිසා සිදුවන්නක්. සිරුරේ අභ්‍යන්තරව සිදුවන රුධිර වාහන වලට ප්‍රධාන හේතුව ලෙස ගැනෙන්නේ අධි රුධිර පීඩනයයි. මෙවැනි අවස්ථා වල දී රෝගියා මිය යාමට ද ඉඩකඩ තියනවා.
මොළයේ පටල අතර රුධිරය ගැලීම.
මොළයේ ක්‍රියාකාරීත්වය දැඩි ලෙස අවුල්වීම.
වලිප්පුව ඇතිවීම.
රෝගියා සිහිසුන් වීම.
මාංශ පේශී වල ඝන බව ඇතිවීම.
මහා ධමනිය අධිකව ඉදිමීම.
මහා ධමනිය පුපුරා යාම මෙන්ම සුලබ අතුරු ඵලයක් වන්නේ අංශභාගය වැළඳි රෝගියා මරණයට පත්වීම.
එමෙන්ම අධි රුධිර පීඩනය නිසා ඇස්වල දෘෂ්ඨී විතානයෙහි රුධිර වාහිනි පුපුරා විනාශ වීමට ද ඉඩ තියෙනවා. අධි රුධිර පීඩනය අන්ධභාවයට ප්‍රධානම බලපාන සාධකයක්.
High blood pressure ඇතිවීමට ප්‍රධාන හේතුවක් තමයි අපි ගන්නා වැරදි ආහාර පාන, වැරදි විහරණ රටා , මානසික හේතු ඒ වගේම ඇතැම් රෝග වැනි බොහොමයක් හේතු බලපානවා.
High blood pressure ඇති වීමෙන් පසු සුව කරගැනීමට වෙහෙස වනවාට වඩා එය ඇතිවීම වළකා ගැනීමට උත්සහා ගැනීම වැදගත්. ඒ සඳහා පුංචි කාලයේ ඉඳන් නිවැරදි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය වැදගත්.
ඒත් ඔබට මේ තත්ත්වය ඇති වු විට නොසලකා හැරීම කිසිසේත් නොකර වෛද්‍ය උපදෙස් මත නිසි ඖෂධ හා නිවැරදි ආහාර හා ජීවන රටාව සකසා ගැනීම තුළ දිගු නිරෝගී සුව විඳින්න පුළුවන්.
විශේෂයෙන් ආහාර සකසද්දී වගේම ආහාර ගැනීමේ දී මේදය හා ලුණු අවමව භාවිතය වැදගත්.
දිනකට සාමාන්‍ය පුද්ගලයෙකුට ලුණු අවශ්‍ය වන්නේ 5g – 6g ක ලුණු ප්‍රමාණයක්.
සෞඛ්‍ය සම්පන්න සමබලවත් ආහාර ගැනීම. නැවුම් එළවළු/පලා/පළතුරු/ධාන්‍ය/ ඇට වර්ග (මුං ඇට,කව්පි) බෝංචි, මෑ කරල්, මාළු/මස් වැනි ප්‍රෝටීන් බහුල ආහාර
එක්කර ගැනීම වගේම පළතුරු කෑම තුළ එහි අඩංගු පොටෑසියම් ලවණ මගින් රුධිර පීඩනය අඩුවීම ස්වභාවිකව සිදුවෙනවා.
ඔබට ගෙදර දී සකසා ගත හැකි සරල රස/ගුණ ඖෂධීය සම්බෝලය තුළින් අධි රුධිර පීඩනය සඳහා කදිම ඔසුවක්
අවශ්‍ය ද්‍රව්‍ය :
මේ සියල්ල හොඳින් අඹරා සම්බෝලයක් ලෙස සාදා ගන්න. ප්‍රධාන ආහාර වේල සමඟ වෙරළු ගෙඩියක ප්‍රමාණය ගැනීම තුළ කොලස්ටරෝල් මට්ටම ද පාලනය කරමින් අධි රුධිර පීඩනය ද වළකනවා.
ව්‍යායාම හා යෝග අභ්‍යාස ඔබට උපකාරිවේවී මේ රෝගය පාලනය
ඒ වගේම අධි රුධිර පීඩනය වළකා ගැනීමට ස්ථුලතාවය ද අඩු කර ගැනීම වැදගත්. ඒ සඳහා ව්‍යායාම කිරීම ඔබට සරලව දෛනිකව කරන්න පුළුවන්.
BMI අගය 18.5 ත් 24.9 අතර පවත්වා ගැනීම වැදගත්.
යෝග අභ්‍යාස පුහුණුව තුළින් ද අධි රුධිර පීඩනය පාලනයට උදව් දෙනවා. ඒ සඳහා සිරුර මනස ලිහිල් කිරිමේ අභ්‍යාස විශේෂයෙන් ස්වසන පුහුණු කිරීම හා ස්වසන අභ්‍යාස දායක වෙනවා.
මීට අමතරව මත්ද්‍රව්‍ය/දුම්වැටි/දුම්කොළ භාවිතය මිඳිම වැදගත්.
අධි රුධිර පීඩනයට වෛද්‍ය උපදෙස් හා ඖෂධ ගන්නා අතරතුර නිවසේ දී සරලව කර ගත හැකි ප්‍රතිකාර
සුදු ලූණූ / තම්බාගත් කුඹුක් පොතු / අමු නෙල්ලි යුෂ
නීල්‍යාදී තෙල් හෝ නාරායන තෙල් ස්වල්පයකට දෙහි බිංදු කිහිපයක් මිශ්‍ර කර හිස මුදුනේ ගැල්වීම.
ඒ වගේම විවේකය වැදගත්.
ඔබ මේ රෝගයෙන් පෙළෙනවා නම් දැන ගත යුතු හා කළ යුතු වැදගත් දෙය නම්,
කිසිදු අවස්ථාවක අධි රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ භාවිතය ඔබේ හිතුමනාපේට නතර කිරීම හෝ වෛද්‍ය නිර්දේශත ප්‍රමාණ වෙනස් කර භාවිතය සුදුසු නැහැ.
Saru FM Media