ආමි උපුල් ඝාතකයින් අත්අඩංගුවට 

0
2

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ආමි උපුල් නැමැත්තා රාගම, බටුවත්ත ප්‍රදේශයේදී  වෙඩි තබා ඝාතනය කළ  වෙඩික්කරු සහ පසුපැදිකරු පෙරේදා (17) අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 30 සහ 32 වයස්වල පසුවන දෙදෙනෙකි.

එම ඝාතන සිද්ධියේ වෙඩික්කරු වශයෙන් කටයුතු කර ඇති පුද්ගලයා යුද හමුවෙන් පලාගිය සෙබළකු බව පොලිසිය කියයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බටුවත්තේ චාමර නැමැත්තාගේ මෙහෙයවීම මත එම ඝාතනය සිදුකර ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

බටුවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී  2025 ජූලි මස 03 වන දින ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදු කර තිබූණි.

එහිදී මියගිය ආමි උපුල් නැමැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ඝාතනයට ලක්වූ ගනේමුල්ල සංජීව නැමැත්තාගේ සමීපතමයකු බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here