ආපහු බඳින්න තවම හිතලා නැහැ! Sri Lanka Latest News

0
4


‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍යය හරහා කලාවට පිවිසි ඔහු පසුකාලීනව සඳ සඳ වගේ, පිණි දිය මත ලියමි ඇතුළු සුවිශේෂ ටෙලිනාට්‍ය රැසකට සම්බන්ධ වුණා. ඒත් කාලයක් ගතවෙද්දී ගිවන්තව ටෙලිනාට්‍යවල දැකගන්න ලැබුණේ නැහැ. ඒ ගැන සොයා බලද්දී අපට දැනගන්න ලැබුණේ ඔහු අලුත්ම වැඩකට සූදානම් වන බවයි. ප්‍රේක්ෂක ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පී ගිවන්ත අර්ථසාද් සිනමා නිර්මාණයක් හරහා අලුත් පෙරළියක් කිරීමට සූදානම් වන මොහොතක ඒ ගැන මුලින්ම මව්රට ‘හාට්’ තුළින් අපි ඔබට කියන්නයි මේ සූදානම. Sri Lanka Latest News

‘ජීවිතය ලස්සනයි’ තුළින් පටන්ගත්ත ගිවන්තගේ ජීවිතය දැන් කොහොමද?
වෙනසක් නැහැ ඉතින්. පොඩි පොඩි වෙනස්කම් වුණා. ඒ හැම දේකටම මුහුණ දෙමින් සතුටින් ඉන්නවා.
ආපසු ජීවිතය වෙනස් කරගන්න අදහසක් නැද්ද?
ඔබ අහන්නේ නැවත විවාහයක් ගැනද? තවම මම ඒ ගැන හිතලා නැහැ. ජීවිතයේ හැම දෙයක්ම අත්වින්ද කොල්ලෙක් මම. ගිය දේවල් ගියා. ලැබෙන දේවල් සතුටින් විඳිනවා. මම නැවත කසාද බඳින්නේ නැහැ කියලා කියන්නේ නැහැ. හැම දේම කාලය වෙනස් කරයි. එතකල් සතුටින් මගේ නිර්මාණ කටයුතු කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
ගිවන්ත සිනමා පටයක් අධ්‍යක්ෂණය කරන්න අතගහපු බවට ආරංචියක් ලැබුණා. ඒ කතාව ඇත්තක්ද?
කාලෙක ඉඳලා මගේ තිබුණු සිහිනයක් තමයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක. මේ දවස්වල ඒ කටයුතු සඳහා සැලසුම් කරගෙන යනවා. අලුත් පිරිසක් සමග චිත්‍රපටයේ කටයුතු ළඟදීම ආරම්භ කරනවා. වැඩි විස්තර අපි ඉදිරියේදී කතා කරමු.
ඔබ දැන් ටෙලිනාට්‍යවල දකින්න නැහැ. රඟපෑමෙන් අයින් වෙලාද?
මමත් ගොඩක් ආශාවෙන් ඉන්නවා හොඳ ටෙලිනාට්‍යයක රඟපාන්න. ඇත්තටම මම කාලෙකින් ටෙලිනාට්‍යයක රඟපෑවේ නැහැ. මොකද කිව්වොත් ගෙවීම් ප්‍රශ්න නිසා. හැම දේම ඉහළ යන මොහොතක අපිට ගෙවන මුදල් ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. ඒ නිසාමයි මම නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැත්තේ. දිවා රෑ නොබලා මහන්සි වුණත් එයින් ලැබෙන ප්‍රතිලාභය සාධාරණ නැත්නම් වෙන පැත්තකට හැරෙන්න වෙනවා.
ඒ නිසාද ගිවන්ත චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුවුණේ?
රඟපෑමට වඩා මම ගොඩක් කැමැතියි අධ්‍යක්ෂණයට. ‘රෝස සඳවතිය’ කියලා මම ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. එය විකාශය වී අවසන්. ඉතින් මම හිතුවා චිත්‍රපටයක් කරන්න. මොකද ටෙලිනාට්‍යයකට වඩා අපිට ඕනෙ විදියට හිතේ නිදහසෙන් චිත්‍රපටයක් කරන්න පුළුවන් නිසා.
රඟපෑමට වඩා අධ්‍යක්ෂණය පහසුද?
එකක්වත් ලේසියි කියලා නැහැ. කරලම බලන්න ඕනේ. අධ්‍යක්ෂණය කියන්නේ රඟපෑමට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. සියලු දෙනාගේ වගකීම තියෙන්නේ අධ්‍යක්ෂවරයා අතේ. කෙටියෙන්ම කිව්වොත් එය මෙහෙයවීමක්. මම හිතනවා මම මේ යන පාර හරියි කියලා.

වසන්ත විතාරණගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here