රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ අගනුවරට නගරයට සීමා වු කර්මාන්තශාලා ගමට ගෙන ආ අවස්ථාවේ නින්දා අපහාස නැගූ පිරිසක් සිටි බවත් මේ වන විට ඇඟලුම් ක්ෂේත්රයට වර්තමානයේ විශාල බලපෑමක් සිදුව ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ජාත්‍යන්තර වෙළෙදාම තුළ ඇමෙරිකාව සමග පවතිව ගනුදෙනුවල දී වෙළෙඳ හිඟයක් ඇති රටවලට ප්‍රතිචාරක බදු ගසා ඇති බවත් අප රටටත් 44%ක බද්දක් ගසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
අප රටින් අමෙරිකාවට ඇ. ඩොලර් බිලියන 3ක් ගියත් අපි ගන්නේ ඩො.මි.400ක් බවත් මෙහි අතිරික්තයක් ඇති බවත් මේ නිසා 44%ක ප්‍රතිචාරක බද්දක් හිමිව ඇති බවත් එය ක්‍රියාත්මක කර ඇති බවත් මේ බද්ද ගැන ගිය වසරේ නොවැම්බර් මාසයේ සිටම මේ බදු ගහනවා කියා හැමෝම දන්නා බවත් පෙබරවාරියේ සිටම තමා ඇතුළු සමගිජන බලවේගය මේ ගැන රජයට අනතුරු අඟවා විශේෂඥ කණ්ඩායමක් පත් කර වොෂින්ටනයට යවා බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටි නමුත් රජය උද්දච්ච පිළිතුරු ලබා දෙමින් සිටියා මිස කිසිවක් නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඇහැලියගොඩ ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.
අප රටේ අපනයනවලින් 22.8%ක් හ ඇගලුම් අපනයනයවලින් 40%ක් ඇමෙරිකාවට යන බවත් මේ සෑම දෙයකටම 44% බද්ද වැටී මිල තරගකාරීත්වයෙන් ඉවත්ව මිල වැඩි වී ඉල්ලුම අඩු වී නිෂ්පාදනය අඩු වී රැකියා අවස්ථා අහිමි වී කර්මාන්තශාලා වැසී දුප්පත්කම වැඩි වන විට අසහනය පීඩනය වැඩි වී ආර්ථික වර්ධනය අඩු වන බවත් මේ බද්ද දිගු කාලයක් තිබුණොත් ආර්ථික සුනාමියකට මුහුණ දෙන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ බද්ද ආවොත් 2028 සිට ණය ගෙවන්නේ කොහොමද
2028 සිට අපට විදේශ ණය ගෙවන්න සිදුවන බවත් ඒ සදහා මේ වසර 3 ඉහළ ආර්ථික වර්ධන වේගයක් හා ඉහළ ආදායමක් නඩත්තු කරන්න සිදුවන බවත් මේ බද්ද ආවොත් නම් මේ කිසිවක් කල නොහැකි බවත් මේ නිසා ජනතාව දැන්වත් යථාර්ථය අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හිටපු ජනාධිපතිගේ අවාසිදායක ගිවිසුමයි මේකට හේතුව
IMF එක 2033 සිට ණය ගෙවන්න යැයි කිව්වත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එය 2028 දක්වා අඩුකර රටට අවාසිදායක ගිවිසුමට ගිය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අපි ගාව අවස්ථාවාදී දේශපාලනය නැහැ
පසුගිය දා ඉන්දීය අගමැතිවරයා හමුවු අවස්ථාවේ අපට තරමක් දුරට වැසී ඇති ඉන්දීය වෙළෙඳපොළ විවෘත කරන ලෙස ඉල්ලා සිටි බවත් මේ බදු නිසා විපතට පත් වනනේ අප රටේ සමස්ත ජනතාව නිසා අපි සියලු දෙනා එකට සිටගත යුතු බවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය සිටින බවත් අවස්ථාවාදී දේශපාලනය නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.











Saru FM Media