ආණ්ඩුව ලුණු පිටරටින් ගෙන්වන ගැසට් එක ගහයි! I Sri Lanka Latest News

0
4


ලුණු ආනයනය කිරිම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙයි.Sri Lanka Latest News

ඒ අනුව ආනයන බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව ලබන මස 10 වනදා දක්වා ලුණු ආනයනය කිරීමට හැකියාව පවතියි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බවයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇති බව සඳහන් වෙයි.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ අද (20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක් මෙරටට ආනයනය කරන බවයි.

බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතය.

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා පසුගිය 15 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදෙනු ලැබීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here