ආණ්ඩුව කරන්නෙම පච දේශපාලනය! තවත් මේ පචයට රැවටිල්ලට බොරුවට රැවටෙනවාද? තීන්දුව ඔබ අතේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
20


වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ රජය කියපු දේවල් කරනවාද කියා ගැටලුවක් ඇති බවත් බඩු මිල වැඩි වී ආදායම් මාර්ග අඩු වී අත්‍යාවශ්‍ය ආහාරවල මිල වැඩි වී ඇති බවත් අත්‍යාවශ්‍ය ආහාරවලට පවා බදු ගහන විදුලි බිල හා ඉන්ධන මිල පවා අඩු නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

දෙනවා කිව්ව ඉන්ධන සහනාධාරය අදටත් නොමැති බවත් ජනතාව ප්‍රශ්න රැසක් මැද සිටින බවත් කුසගින්නේ බඩගින්නෙන් සිටින ලක්ෂ ගණනක් ජනතාව සිටින බවත් මේ වන විට රට අගහිගතාවෙන් පිරී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මීගමුව ආසනයේ, දුන්ගල්පිටියේ කොට්ඨාසයේ පැවැති ජන හමුවකදීය.

මේ වන විට බොරුව රජකරන බවත් ආණ්ඩුව ජනතාව පච කියමින් සිටින බවත් තවමත් එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය නිසා හානි වු ජනතාවට වන්දි නොගෙවූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විදුලි බිල අඩු කරන්න නම් පුනර්ජනනීය බලශක්තිය වැදගත් බවත් මේ පුනර්ජනනීය බලශක්තියට මුල්තැන දුන්නොත් පාරිභෝගිකයාට අඩු මුදලට විදුලිය දිය හැකි වුවත් අද තාප බලාගාර ඉන්ධන විදුලි මාෆියාවට රජය යට වී ඇති ⁣බවත් ඩොලර්වලට සංතෝසම්වලට රජය යටවී ඉන්ධන විදුලි බලාගාර තාප බලාගාර මාෆියාවට යට වි ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රජය දිනපතාම පච දේශපාලනය සිදු කරන බවත් මේ බොරුවට රැවටිල්ලට පචයට තවදුරටත් රැවටෙනවාද කියා ජනතාව තිරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here