අහනවනම්, මෙන්න ඈ ගැන සින්දු

0
12


කාන්තාවක් කියන්නේ ජීවිතයේ එක් එක් වයස් මට්ටම්වල දී විවිධ භූමිකාවන්ට මුහුණ දෙන තැනැත්තියක්. ළදැරියක්, සොයුරියක්, දැරියක්, නව යෞවනියක්, යුවතියක්, පෙම්වතියක්, බිරිඳක්, වගේ ම ලෝකයේ උත්තරීතර මානව සම්බන්ධතාව ගොඩනඟන්න‍ට දායකවෙමින් මවක් වන්නට වාසනාව ඇයට උරුමයි.

සුරතල් සිඟිත්තියක් ලෙස මෙලොව එළිය දැක, තමන්ගෙන් පසුව පවුලට එකතුවන සාමාජිකයන්ට හොඳ සොයුරියක් වෙමින්, දැරියකගේ සිට පෙම්වතිය තෙක් කාලය ඇය තම ආදරණීය මව්පියන් සෙවණේ ගතකරනවා. ඉන් අනතුරුව තමන්ගේ ජීවිතයට එකතුවන ආදරණීය සැමියා සමඟ ඇය ඇගේ දෙවැනි ජීවිතය අරඹනවා. ඉතින් මේ මානව සමබන්ධතා හමුවේ ඇයට මුහුණ දෙන්නට ලැබෙන අත්දැකීම් විවිධයි. ඇතැම්විට සරලයි. ඇතැම්විට සංකීර්ණයි. ඇතැම්විට අතිශයින් සුන්දරයි. ඇතැම්විට පුදුමාකාරයි. තවත්විටෙක ශෝචනීයයි. කෙසේ වෙතත් මේ හැම ආකාරයකම අත්දැකීම් සිංහල ගීත තුළ විස්තර වන හැටි දැනගන්න ඔබ කැමති ද? බොහෝ දෙනා මේ වනවිටත් අසා ඇති, එහෙත් එකතුවක් හැටියට හඳුනාගන්නට මෙතෙක් අපහසු වුණ පැරණි ගීත ලයිස්තුවක් මෙහි ඉදිරිපත් කර තිබෙනවා. මේ ලයිස්තුවේ ඇතුළත් ගීත යූ ටියුබ් හෝ අන්තර්ජාලයේ වෙනත් ගීත වෙබ් අඩවි තුළින් ඔබට ඉතා පහසුවෙන් Download  කරගත හැකියි. මේ එකතුවට ඇතුළත් කරන්නට ඔබ දන්නා ගීතත් බොහෝ ඇති. ඒ සඳහා අපි ඔබට ආදරයෙන් ඇරයුම් කරනවා. ඒ වගේ ම ගීත ගැන විචාරශීලී සහ නිර්මාණාත්මක අදහස් සාමූහික ව බෙදාගන්නටත් මේ හරහා ඔබට අවස්ථාව ලැබෙනවා.

– නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here