අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

0
12

අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට අදාළ සුබසාධක ප්‍රතිලාභ අද (28) සිට අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ.

2026 ජනවාරි මස පළමු අදියර අස්වැසුම ලබන මුළු පවුල් සංඛ්‍යාව 1,415,584 කි. 

ඒ සඳහා රජය රු 11,234,713,750.00ක මුදලක් වැය කර ඇති අතර දෙවන අදියර අස්වැසුම ලබන මුළු පවුල් සංඛ්‍යාව 248,454කි. 

ඒ සඳහා රජය රු 2,235,137,500.00ක මුදලක් වෙන් කර ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here