අස්වැසුම ජනවාරි මස දීමනාව හෙට ගිණුම්වලට

0
11

අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට (28) දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව අස්වැසුම පළමු අදියරට අදාළව රු. 11,234,713,750.00ක (එකොළොස් බිලියන දෙසිය තිස් හතර මිලියන හත්සිය දහතුන් දහස් හත්සිය පනහක) මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,584ක් (දාහතර ලක්ෂ පහළොස් දහස් පන්සිය අසූ හතරක්) අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. 

අස්වැසුම පළමු අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රු. 3,092,200,000.00 (තුන් බිලියන අනූ දෙමිලියන දෙසීය දහසක) මුදලක් ප්‍රතිලාභීන් 618,440 (හය ලක්ෂ දහඅට දහස් හාරසිය හතලිහ)ක් අතරේ බෙදා හැරීමට නියමිත බවද සඳහන්.

එමෙන්ම අස්වැසුම දෙවන අදියරට අදාළ ජනවාරි මස දීමනාව ලෙස රු.2,235,137,500.00 (දෙමිලියන දෙසිය තිස්පස් මිලියන එකසිය තිස් හත්දහස් පන්සියයක) මුදලක් ප්‍රතිලාභී පවුල් 248,454 (දෙලක්ෂ හතලිස් අටදහස් හාරසිය පනස් හතර )ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. 

අස්වැසුම දෙවන අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රු. 340,915,000.00 (තුන් බිලියන හතලිස් මිලියන නවසිය පහළොස් දහසක) මුදලක් ප්‍රතිලාභීන් 68,183 (හැට අටදහස් එකසිය අසූතුනයි )ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අසවැසුම ගිණුමට බැර කිරීමට නියමිත බවද සඳහන් වේ.

Press note 28 (1) by poornima

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here