අසල්වැසි රටවල් සමග සබඳතා ශක්තිමත් කරන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

0
15


අසල්වැසි රටවල් සමග පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැඟීම සඳහා එක්ව කටයුතු කරන බව චීන ජනපති ෂී ජින් පිං මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (8) බෙයිජිංහි පැවති අසල්වැසි රටවලට සම්බන්ධ කටයුතු පිළිබඳ චීන මධ්‍යම රැස්වීමේදී.

නව යුගයේ චීන‍ය බොහෝ ජයග්‍රහණ සහ අත්දැකීම් ලබා ගත් බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළා.

වත්මන් තත්ත්වය අනුව අසල්වැසි රටවලට සම්බන්ධ කටයුතුවල නව පරිච්ඡේදයක් ආරම්භ කළ යුතු බව ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.

සාමකාමී, සමෘද්ධිමත් ප්‍රජාවක් ගොඩනැගීමට සියලු දෙනා එක්ව උත්සාහ කළ යුතුයි.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල සහ සංවාදයෙන් යුතු ආසියා ආරක්ෂණ මාදිලිය හරහා, අත්වැල් ‍බැඳගෙන සුන්දර අනාගතයක් ගොඩනැඟීමට අපේක්ෂා කරන බව එම රැස්වීමේ දී ඔහු අවධාරණය කර කළා.

අසල්වැසි රටවල් සමග දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරමින්, කලාපීය රටවලට තම සංවර්ධන මාර්ගවල ගමන් කිරීමට සහාය ලබා දෙන බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළා.

එමෙන්ම, නිෂ්පාදන හා සැපයුම් දාමවල සහයෝගිතාවය කෙරෙහි අවධානය යොමු කරමින් කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා අසල්වැසි රටවල් අතර හුවමාරුව තවදුරටත් පුළුල් කරන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here