
ජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ දෙවන අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය හරහා සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙමින් තිබීම නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටියි.
මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන අන්දමට, වත්කම් කළමනාකරණ චක්‍රලේඛ 05/2024 යටතේ මෙහිදී සියලු කටයුතු සිදු කර ඇත. එමෙන්ම මෙම වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේදී රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය නිසි ලෙස අනුගමනය කර ඇති අතර, 2025 අප්‍රේල් 23 වන දින නියමිත පටිපාටියට අනුකූලව පුවත්පත් නිවේදන මගින් ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබූ බවද එහි දැක්වේ.
ඒ අනුව, ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා මුදල් ගෙවා අයදුම්පත් ලබාගත් අයදුම්කරුවන් 108 දෙනෙකු ටෙන්ඩර් පත් කැඳවීම අවසන් වූ 2025 මැයි 15 දිනට තම මිල ගණන් ඉදිරිපත් කර තිබූ බවත්, එදින පෙරවරු 11.00ට ටෙන්ඩර් පත් විවෘත කර ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම සිදු කරන ලද්දේ නියමිත පටිපාටියට අනුකූලව බවත් නිවේදනයේ දැක්වේ.
එම ටෙන්ඩර් ක්‍රියාවලියේදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට වාහන අලෙවි කිරීමට කටයුතු කළ බවත්, ඇතැම් වාහන සඳහා රජයේ තක්සේරුව ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින්, ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් පමණක් අලෙවි කරන ලද බවත් ජනාධිපති මාධ්‍ය අංශය තම නිවේදනයේ සඳහන් කර ඇත. එලෙස රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ වාහන අතරට වාහන 9ක් ඇතුළත් බවද පැහැදිලි කර ඇත.
2025 මැයි 15 වන දින සිදු කෙරුණු ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීමේදී, අලෙවි වූ වාහන පිළිබඳ විස්තර නිවේදනයේ දක්වා තිබූ අතර, රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවීම නිසා අලෙවි නොවූ වාහන 9 පිළිබඳ තොරතුරුද සවිස්තරාත්මකව දක්වා ඇත.
එසේ තිබියදී මෙම ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම පිළිබඳව විවිධ අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ඒවා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීමට යම් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටින බව පෙනී යන බවත් ජනාධිපති මාධ්‍ය අංශය තම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
නිවේදනයේ තවදුරටත් දැක්වෙන පරිදි, පසුගිය පාලනයන් තුළ මහජන මුදලින් මිලට ගන්නා ලද මෙම සුඛෝපභෝගී වාහන මහජන මුදලින් නඩත්තු කරමින් ඒවා පාවිච්චි කරමින් සහ නාස්ති කරමින් අබලන් තත්ත්වයට පත් කළ දූෂිත කණ්ඩායම් තමන්ගේ වරප්‍රසාද අහිමි වීමත් සමග වියරු වැටී සිටින බව මෙම කලබලයෙන් පැහැදිලි වන බවත්, ඔවුන් තමන්ගේ නාළිකා සහ සමාජ මාධ්‍ය කුලී ලියන්නන් යොදා ගනිමින් තමන් අතට පත්වන ඕනෑම දෙයකින් ආණ්ඩුවට පහර දෙන තත්ත්වයට ඇද වැටී සිටින බවත් එහි දැක්වේ.
මෙම තත්ත්වය හමුවේ මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය හා සාවද්‍ය සමාජ මාධ්‍ය භාවිතය අතිශය පිළිකුල් සහගත වන බවත්, මෙම ද්වේශ සහගත ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය තම නිවේදනය අවසානයේ අවධාරණය කර ඇත.
වාහන ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිකුත් කළ මෙම නිවේදනය මගින් විනිවිදභාවයකින් යුතුව සියලු තොරතුරු මහජනතාවට ලබා දී ඇති අතර, ටෙන්ඩර් ක්‍රියාවලියේ සියලු අදියරයන් නීත්‍යානුකූලව සහ නිසි ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කර ඇති බව පැහැදිලි කර ඇත. සමාජ මාධ්‍ය හරහා පැතිරෙන අසත්‍ය තොරතුරු පිළිබඳව මහජනතාව විමසිලිමත් විය යුතු බවද මෙමගින් අවධාරණය කෙරේ.
S.No | Vehicle No | Model | Government Valuation (Rs.) | Sold Out value (Rs.) |
---|---|---|---|---|
1 | CAB-3453 | FORD EVEREST- Motor Car | 2,500,000.00 | 5,390,000.00 |
2 | KY-9967 | FORD EVEREST- Motor Car | 4,000,000.00 | 8,800,000.00 |
3 | KA-1016 | HYUNDAI TERRACAN- Motor Car | 3,500,000.00 | 3,788,999.00 |
4 | CAP-0828 | LAND ROVER DISCOVERY 4.5- Motor Car | 25,000,000.00 | 27,100,000.00 |
5 | CP-4599 | MITSUBISHI R MONTERO Motor Car | 5,000,000.00 | 8,622,500.00 |
6 | KV-5541 | NISSAN TEANA- Motor Car | 5,500,000.00 | 8,195,950.00 |
7 | KD-6376 | NISSAN X-TRAIL- Motor Car | 4,000,000.00 | 6,127,000.00 |
8 | CAT-7249 | NISSAN PATROL – Motor Car | 11,500,000.00 | 14,599,900.00 |
9 | GD-7209 | NISSAN PATROL – Motor Car | 11,500,000.00 | 12,200,000.00 |
10 | KW-6215 | PORSCHE CAYENNE S- Motor Car | 15,500,000.00 | 13,610,000.00 |
11 | CAG-4493 | SSANG YONG REXTON W- Motor Car | 8,300,000.00 | 9,475,000.00 |
12 | CAG-4902 | SSANG YONG REXTON W- Motor Car | 8,500,000.00 | 9,676,000.00 |
13 | KU-0642 | SSANG YONG REXTON270XDI- Motor car | 4,000,000.00 | 5,010,000.00 |
14 | KC-7323 | TOYOTA LANDCRUISER SAHARA- Motor Car | 15,000,000.00 | 12,599,900.00 |
15 | KU-7912 | TOYOTA LANDCRUISER V8 Motor Car | 28,000,000.00 | 25,150,650.00 |
16 | KU-0520 | MITSUBISHI FUSO | 2,200,000.00 | 4,167,350.00 |
17 | KW-5401 | LAND ROVER DISCOVERY – Motor Car | 13,000,000.00 | 18,675,000.00 |
Total | 155,000,000.00 | 200,188,249.00 |
අලෙවි නොවූ වාහන 9 පිළිබඳ තොරතුරු
වාහන අංකය | වාහන විස්තරය | විකුණන්න උත්සාහ කරන ලද මිළ රු. |
---|---|---|
KQ-9351 | BMW 523i-Motor Car | 13,888,888.88 |
GD-7215 | NISSAN PATROL – Motor Car | 11,375,700.00 |
KI-0645 | SSANG YONG REXTON 270XDI- Motor Car | 6,160,000.00 |
CAG-4007 | SSANG YONG REXTON 270XDI- Motor Car | 6,888,999.00 |
CAF-2536 | TOYOTA LANDCRUISER V8 – Motor Car | 53,500,000.00 |
KQ-7546 | TOYOTA LANDCRUISER V8 – Motor Car | 36,100,000.00 |
KP-2222 | TOYOTA LANDCRUISER V8 – Motor Car | 23,266,321.00 |
KQ-6211 | TOYOTA LANDCRUISER V8 – Motor Car | 38,888,888.88 |
KP-7149 | TOYOTA LANDCRUISER V8 – Motor Car | 34,150,700.00 |
Saru FM Media