අවුරුදු 30ට පෙර සමුගත් ගායන තරු

0
10


“ලොවෙන් එකෙන් එක් දෙයකට වෙයි සමත” කියල ප්‍රසිද්ධ කියමනක් තිබුනත් අපේ හැකියාවන් අඳුරගෙන ඒ හැකියාවන්ගෙන් අනිත් මිනිස්සු සනසන්න පුළුවන් හැකියාව තියන්නෙ ලෝකයේ බොහොම සුළු පිරිසකට විතරයි.

කලාකරුවන් කියන්නෙ ඒ සුළු පිරිස අතරිනුත් කැපී පෙනන පිරිසක්.

තමන්ගෙ කලා හැකියාවන් ලෝකයට ගෙනත් රසිකයන්ගේ ආදරය සහ ගෞරවය දිනාගන්න සමත්වුනත් ජිවීතයේ බොහොම ටික කාලෙකින් මෙලොව හැර යන්න සිදුවුනොත් ?

ඉතිං අද අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නෙ එලෙස අවුරුදු තිහට පෙර ලෝකයෙන් සමුගත් ගායන තරු කිහිප දෙනෙක් ගැනයි. 

මියයන විට වයස – අවුරුදු 27

Back to bach, Rehab, Stronger than me ආදී ජනප්‍රිය ගීත රාශියක් සමඟ ප්‍රේක්ෂක ආදරය දිනාගත් Amy Winehouse 1983 සැප්තැම්බර් 14 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවරදී උපත ලැබුවා. 

ඇය ගායිකාවක් මෙන්ම ගීත රචිකාවක් ලෙසද කටයුතු කලා. 

ග්‍රැමී සම්මාන 05 ක් එකම රාත්‍රියක දිනාගත් පළමු බිත්‍රාන්‍ය කාන්තාව ලෙස 2008 පෙබරවාරි 10 වෙනිදා ඇය ඉතිහාසයට එක්වුනා. 

මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වී එයින් ගැළවීමට දීර්ඝ කාලයක් සටන් කළ ඇය මත්ද්‍රව්‍ය විෂ වීමකින්ම 2011 ජූලි 23 මෙලොව හැරගොස් සිටියා. 

මියයන විට ඇගේ වත්කම දළ වශයෙන් ඩොලර් මිලියන 4 ක් පමණ බවයි සඳහන් වෙන්නේ.

මියයන විට වයස – අවුරුදු 27

1967 පෙබරවාරි 20 වන දින ඇමරිකාවේදී උපත ලැබූ Kurt Cobain 1994 අප්‍රේල් 05 වන දින වෙඩි පහරකින් සියදිවි හානිකරගෙන තිබුනා. 

ඔහු ගිටාර් වාදන ශිල්පියෙකු සහ ගීත රචකයෙක් ලෙසත් කටයුතු කරා. 

Smells like teen spirit, Come as you are සහ Something in the way ආදී ගීත ගණනාවකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න සමත් වුන ඔහු මියයන විට ඔහුගේ වත්කම ඩොලර් මිලියන 50 ක් පමණ බවට අනුමාන කරනවා. 

මියයන විට වයස – අවුරුදු 27

ඖෂධ සහ මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ශරීර ගත වීම නිසා 1970 සැප්තැම්බර් 18 වෙනිදා ලන්ඩන් වලදී මියගිය Jimi Hendrix 1942 නොවැම්බර් 27 වන දින ඇමරිකාවේදී උපත ලැබුවා. 

ඔහු මියයන කාල සීමාවේදී ඔහුගේ වත්කම දළ වශයෙන් ඩොලර් 20000 පමණ වෙතැයි අනුමාන කර තිබූ අතර එය වර්තමානයේදී ඩොලර් 150000 ක් පමණ අගයක් වනු ඇතැයි විශ්වාස කරනවා. 

ගායකයෙකු, ගීත රචකයෙකු සහ ගිටාර් වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කල ඔහුගේ Hey joe, Purple Haze සහ Foxy lady වැනි ගීත රසිකයන් අතර ඉතා ජනප්‍රිය වුනා. 

මියයන විට වයස – අවුරුදු 24

ගායන ශිල්පියෙකු සහ ගිටාර් වාදන ශිල්පියෙක් ලෙස රසික ආදරයට පාත්‍රවී සිටි Cliff Burton 1986 සැප්තැම්බර් 27 වන දින බස් රථ අන්තුරකින් ජීවිතක්ෂයට පත්වුනා. 

1962 පෙබරවාරි 10 වන දින ඇමෙරිකාවේදී උපත ලැබූ ඔහුගේ The four horsemen, Am i evil? සහ Fade to black ආදී ගීත අදටත් ජනප්‍රිය ගීත බවට පත්වී තිබෙනවා. 

මියයන විට ඔහුගේ වත්කම ඩොලර් මිලියනයක් පමණ වන්නට ඇතැයි විශ්වාස කරනවා.

මියයන විට වයස –  අවුරුදු 26

රැප් ගායකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙස අතිශයින්ම සාර්ථකත්වයක් හිමිකරන සිටි ජනප්‍රිය තරුවක් වන Mac Miller වර්ෂ 1992 ජනවාරි 19 වෙනිදා එංගලන්තයේදී උපත ලැබුවා.

තමන්ගේම සාර්ථක ගීත ඇල්බම් 05 ක් පමණ නිෂ්පාදනය කල මේ තරුණ නිෂ්පාදකවරයා මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ශරීරගත වීම නිසා 2018 සැප්තැම්බර් 07 වන දින ඇමෙරිකාවේදී මෙලොවින් සමුගත්තා. 

මියයන විට ඔහු සතුව ඩොලර් මිලියන 09 ක පමණ වත්කම් තිබූ බව තමයි අනුමාන කරන්නේ.

මියයන විට වයස – අවුරුදු 22

1994 මාර්තු 12 වෙනිදා ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්ත්‍රයේ උපත ලැබූ Christina Grimmie ගායිකාවකට අමතරව රංගන ශිල්පිනියක් සහ යූ ටියුබ් ක්‍රියාකාරීනියක් ලෙසද කටයුතු කරා. 

ඇය ජනප්‍රිය පොප් ගායන ශිල්පිනියක්, පියානෝ වාදන ශිල්පිනියක් සහ මිලියන හතරකට ආසන්න පරිශීලකයින් සිටින යූ ටියුබ් නාලිකාවක හිමිකාරිනියක්ද වුනා. 

ප්‍රසංගයක් නිමාවීමෙන් පසු රසිකයන්ගේ සමරු පොත් වලට අත්සන් කරමින් සිටියදී ඝාතකයෙකුගේ වෙඩි පහර තුනකින් ඇය ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්ත්‍රයේදී 2016 ජූනි මස 10 වෙනිදා මියගියා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here