අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් 

0
12


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි නගර වෙත පැමිණීම සඳහා ප්‍රමාණවත් තරම් බස් රථ යොදවා ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ගම්බිම් බලා ගිය ජනතාවට යළි නගර වෙත පැමිණීම සඳහා විශේෂයෙන් කොළඹ නගරය වෙත පැමිණීම සඳහා විශේෂ දුම්රිය ධාවනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව මෙම වැඩපිළිවෙළ ලබන 19 වනදා සහ 20 යන දෙදින පුරා ක්‍රියාත්මක වනු ඇති.

විශේෂ දුම්රිය කාලසටහනක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් ගම්බිම්  බලා ගිය ජනතාවට අපහසුවකින් තොරව කොළඹ බලා යළි පැමිණීමට හැකිවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටින්නේ.

මේ අතර අද සහ හෙට ද බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසන්නේ.

ඊයේ දිනයේදී ද කොළඹ නගරය දැඩි පාළු ස්වභාවයන් ගනු ලැබුවා.

ගම්බිම් බලා ගිය ජනතාව අද දිනයේදී කොළඹට පැමිණෙනු ඇති බවටයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අනුමාන කරන්නේ.

මේ නිසා අවශ්‍ය තරම් බස් රථ යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කළමනාකරු එච් ප්‍රියතිලක මහතා සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here