අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න අද සිට බස්

0
23


සාමාන්‍ය කාලසටහන යටතේ අද සිට දුරගමන් සේවා බස් රථ ධාවනයට එක්කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. 

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණීම සඳහා අනිද්දා සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද සිට බස් රථ ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – ධාවන, පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ එම බස් රථ ධාවනය ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.

Neth Sound · BUS CHANDRASIRI 01

මගී අවශ්‍යතාවය පරිදි අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා. 

Neth Sound · BUS GAMUNU 01

මේ අතර දුර ගමන් සේවා සියලු දුම්රිය ධාවනය කළ ද කෙටි ගමන් සේවා දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට අද දිනයේ සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, රියදුරන් පිරිසක් නිවාඩු ගැනීම හේතුවෙන්. 

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ග භාවිත කිරීමේදී සිය වාහනය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 

එමෙන්ම කාලගුණ තත්ත්වය අයහපත් අවස්ථාවලදී ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු හා මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර් ඒ ඩී කහටපිටිය මහතා ඉල්ලීමක් ද කළා.

Neth Sound · RDA KAHATAPITIYA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here