අව්ව නිසා හම අඳුරැ පැහැවෙන එක ප්‍රශ්ණයක්.නිතර අව්වට නිරාවරණය වන මුහුනේ අත්වල හම අව පැහැ ගැන්වීම සමහර වෙලාවට මානසික වදයක්. හැබැයි පුංචි පුංචි ක්‍රම කිහිපයක් මගින් මේ තත්ත්වයෙන් මිදෙන්න අවස්ථාව තියෙනවා.අද අපි කියන්නේ ඒ වගේ සරල ක්‍රම කිහිපයක් ගැන.
කොමාරිකා පිත්තක් දෙකට පළලා එහි මදය ආලේප කිරීමෙනුත් හම සුන්දර කර ගන්න පුළුවන්. ඒ වගේම කොමාරිකා මදය කෝප්ප කාලකට පිරිසිදු පොල්තෙල් කෝප්ප බාගයක් මිශ්‍ර කරලා මේ මිශ්‍රණය හොඳින් උකු වෙනතුරු මිශ්‍ර කරන්න. දැන් එය විනාඩි 20 ක් පමණ වීදුරු භාජනයක කාමර උෂ්ණත්වයේ තියලා පසුව අලේප කරන්න. මෙය දවසේ කුමන මොහොතක වුනත් ආලේප කරන්න පුළුවන් ආලේපනයක්.
Saru FM Media