අවපැහැ සමට ගෙදරදීම ප්‍රතිකාර.

0
3

ලෙමන් හෝ දෙහි

  • දෙහි යුෂ භාජනයකට එකතු කරගන්න.
  • එයට මී පැණි එකතු කර හොඳින් මිශ්‍ර  කරගන්න.
  • මිශ්‍රණය සම මතුපිට හොඳින් ආලේප කර විනාඩි 15ක් තියන්න.
  • සාමාන්‍ය ජලයෙන් සෝදාහරින්න.
  • මෙය දිනකට දෙවතාවක් බැගින් ප්‍රතිපල ලැබෙන තුරු කරන්න.

 

දෙහි යුෂ සහ කහ කුඩු

 

  • දෙහි යුෂ තේ හැඳි 01
  • කහ කුඩු තේ හැඳි 01
  1. අමුද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරන්න.
  2. මිශ්‍රණය සමේ ගල්වා විනාඩි 15ක් පමණ වියලෙන්නට හරින්න.
  3. සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
  4. මෙය රාත්‍රියේ නින්දට යාමට පෙර දිනපතා සිදුකරන්න

 

කෝමාරිකා 

  • කෝමාරිකා යුෂ තේ හැන්දක්
  • මී පැණි තේ හැඳි බාගයක්
  1. ඉහත සියල්ල එකතු කොට හොඳින් මිශ්‍ර කර විනාඩි 10ක් පමණ මිශ්‍රණය තබන්න.
  2. මිශ්‍රණය සමේ ආලේප කොට විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න.
  3. මඳ උණුසුම ජලයෙන් සෝදාහරින්න.
  4. මෙය දිනකට එක වරක් බැගින් සති දෙකක් පමණ සිදු කරන්න.

 

පිපිඤ්ඤා

  • පිපිඤ්ඤා යුෂ තේ හැඳි 01
  • මී පැණි තේ හැඳි 01
  • දෙහි යුෂ තේ හැඳි 01
  1. අමුද්‍රව්‍ය සියල්ලම භාජනයක හොඳින් මිශ්‍ර කරන්න.
  2. සම මතුපිට ආලේප කර විනාඩි 10ක් පමණ තබා සෝදාහරින්න.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here