සීනි කියන්නේ හැම ගෙදරකම අනිවාර්යයෙන් තියෙන දෙයක්.අපේ එදිනෙදා රූපලාවණ්‍ය කටයුතු වලට ඇත්තටම සීනි හොඳ ස්වාභාවික රූපලාවණ්‍ය අමුද්‍රව්‍යයක් විදියට යොදා ගන්න පුලුවන්.සැලෝන් යන්න බැරි මේ කාලේ අවම වියදමකින් එවැනි පහසුවෙන් සපයා ගන්න පුලුවන් අමුද්‍රව්‍යයකින් ලස්සන වෙන්න පුලුවන් නම් අපූරුයි නේද?එහි තියන මඳක් රළු ගතිය නිසා ආවරණය වූ ප්‍රදේශවල ඇති වූ අවපැහැ ගැන්වීම් වලට එහෙම ඇත්තටම සීනි වලින් ස්ක්‍රබ් එකක් සකසා ගන්න පුලුවන් .
සීනිවල ග්ලූකොයිඩ් අම්ලය අඩංගුයි.මේවා විටමින් සී අඩංගු මාධ්‍යයක් සමඟ ප්‍රතික්‍රියා ගැන්වීමෙන් අපට වඩා හොඳ රූපලාවණ්‍ය සත්කාරයක් කර ගන්න පුලුවන්.අඳුරු සම පැහැපත් කර ගන්න, මැරුණු සම ඉවත් කරන්න වගේම සමේ මොයිස්චරයිස් ගතිය ඉහළ නංවන්නත් සීනි හරිම වැදගත් රූපලාවණ්‍ය මාධ්‍යයක්.
කුණු දූවිලි තැන්පත් වීම.
මැරුණු හම ඉවත් නොවීම
ආවරණය වූ ස්ථාන ක්ලෙන්සර් හෝ ස්ක්‍රබ් නොකිරීම.
සීනි කැට
තක්කාලි
වෙනිවැල් කුඩු
දෙහි
මේවා සාමාන්‍ය ප්‍රමාණ වලින් සපයා ගන්න.
ඉහත සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න.
විනාඩි විස්සක් ගල්වා තබන්න
කවාකාරව ස්ක්‍රබ් එක ඉවත් කරන්න
ඇල්වතුරෙන් ඉවත් කරන්න.
සීනි මේස හැදි 2
දෙහි ගෙඩියක යුෂ
සීනි හා ලෙමන් විනාඩි විස්සක් පමණ ගල්වා තබා ඉවත් කරන්න.
දෙහි අඩංගු කළ යුත්තේ සීනි වල ප්‍රතික්‍රියාව වැඩි කරන නිසා.ඒ නිසා අනිවාර්යයෙන් දෙහි මේ ස්ක්‍රබ් එකට අඩංගු විය යුතුමයි.
සීනි මේස හැදි 2
කෝමාරිකා පිත්තක යුෂ
දෙහි බිංදු
සියල්ල එකට මිශ්‍ර කර විනාඩි විස්සක් ගල්වා තබා ස්ක්‍රබ් කරගන්න.
මේ ස්ක්‍රබ් තුනෙන් එකක් මුලින්ම යොදන්න.ඊට පස්සෙ පැක් එකක් යොදන්න ඕනෑ.ඇත්තටම ආවරණය වූ ප්‍රදේශට පැක් එකක් අනවශ්‍යයි කියලා එකක් නැහැ.ඔබ පැක් එකක් දැමීම මේ ස්ක්‍රබ් එක සාර්ථක වෙන්න හේතු වෙනවා.ඒ නිසා පැක් එකක් අනිවාර්යයෙන් යොදන්න ඕන.එය මේ රළු වූ වැලමිටි, දණහිස් සහ අවපැහැ වූ කිහිලි ඉකිලි යථා තත්ත්වයට ගන්න උදව් වෙනවා.
කඩල පිටි
කහ දොඩම් ඉස්ම
යෝගට් හෝ මිකිරි
ග්ලිසරින්
ආමන්ඩ් කුඩු
මේවා රැගෙන එකට මිශ්‍ර කර ගන්න.
මෙය විනාඩි විස්සක් තබා ඉවත් කර ගන්න.
ඉන්පසු ටෝනර් එකක් ගල්වා ගන්න.
මෙන්න මේ පියවර කිහිපය වැඩි මුදලක් වියදම් නොකර සතියට දෙවතාවක් වගේ කරන්න.ඉන් ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල අත් කරගන්න පුලුවන්.
Saru FM Media