අලුත් අවුරුදු රෑ කෑම මේසයට වෙනස්ම රයිස් එකක්

0
10


නෑගම් එන අමුත්තන්ට රෑ කෑමට බත් දෙන්න ඔබ හිතනවා නම් එයට සුදුසු වෙනස් රෙසිපියක් තමයි මේ..

ග්‍රීන් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බාස්මති හාල් 500g
  • සිහින්ව කපාගත් ඉඟුරු 5g
  • සිහින්ව කපාගත් සුදු ලුනු 5g
  • සිහින්ව කපාගත් කරපිංචා 5g
  • සිහින්ව කපාගත් ලුණු කොළ
  • ග්‍රීන් පීස් 30g
  • කොළ පාට බෙල්පෙපර් 25g
  • සිහින්ව කපාගත් සැල්දිරි 25g
  • බිත්තර 02
  • තෙල් මේස හැඳි 01
  • ලුණු ගම්මිරිස් පදමට

හදන්නේ මෙහෙමයි:

සාමාන්‍ය ආකාරයට බත් පිස ගන්න. බඳුනක් ලිප තබා එයට තෙල් දමා රත් වන්නට තබන්න. බිත්තර එක් කරන්න. සිහින්ව කපා ගත් එළවළු , බෙල් පෙපර්, සැල්දිරි, ළූණු කොළ, කරපිංචා, ග්‍රීන් පීස් සහ ලුණු ගම්මිරිස් එයට එක් කර ගන්න.ඉඟුරු සුදු ළූණුද චොප් කර එකතු කරන්න.
හොඳින් තෙම්පරාදු වූ පසු බත් එක් කරන්න.

අවශ්‍ය නම් සුප් කැටයක්, එළවලු රසකාරක එකතු කරන්න පුලුවන්. මේ බතට කොළපාට එළවලු එකතු කරන නිසා මෙය කොළපැහැය ඇති බතක්.

මාළු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කෙලවල්ලෝ මාළු 500g
  • දෙකට පලාගත් අමු මිරිස් 300g
  • සුද්දකර ගත් රතු ළූණු 500g
  • පොත්ත ඉවත්කර සිහින්ව කපාගත් අමු අඹ ගෙඩි 02
  • සිහින්ව කපාගත් බෝංචි 200g
  • සිහින්ව කපාගත් කැරට් 200g
  • අබ 200g
  • විනාකිරි බෝතලයක්
  • මිරිස් කුඩු තේ හැඳි 04
  • කහ කැමති පරිදි
  • ගම්මිරිස් තේ හැඳි 02
  • සුදු ලුනු 50g
  • ඉඟුරු 50g

හදන්නේ මෙහෙමයි..

මාලු කපා පිරිසිදු කර හීනියට කපා කහ හා ලුනු අතගා බැදගන්න. අබ ,ගම්මිරිස් ,මිරිස් කුඩු ,සුදු ලුනු ,ඉඟුරු විනාකිරි වලින් අඹරා ගන්න. රතුළූණු ,අඹ ,මිරිස් කරල්, කැරට් සහ බෝංචි සිහින්ව කපා ලුණු මිශ්‍ර උණු වතුරට දමා ගන්න.

තෙල් ටිකක් රත්කර අඹරා ගත් මිශ්‍රණය බැදගන්න.

එයට බැදගත් මාලු , විනාකිරි ,සීනි ,පදමට ලුණු හා උණු වතුරට දමා ගත් රතු ළූනු, අඹ කැබලි,මිරිස් කරල් මිශ්‍ර කර බෝතලයක අසුරා අවශ්‍ය වෙලාවට පිළිගන්වන්න.

මේ සමඟ සලාදයක්, කට්ලට්ස් වගේ දෙයක් ඔබට එකතු කරන්න පුලුවන්. මෙය ඇත්තටම සරල ආහාර වේලක්. මාලු අච්චාරුව කල් ඇතුව හදා ගන්න පුලුවන් නිසා ඔබට සකස් කරන්න වෙන්නේ බත පමණයි.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here