අලුත් අවුරුදු තේ මේසයට කොකිස් හදමු.

0
12


කඩෙන්ම අවුරුදු ගෙනෙන්නෙ නැතිව ගෙදරම තමන්ට අවශ්‍ය රසකැවිලි ටිකක් හදා ගන්න පුලුවන්නම් කොච්චර වටිනවද ? ඉතින් එහෙම හදන කෑම අතර කොකිස් කියන්නෙ හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් කෑමක්. ඉතින් ඔන්න මේ සැරේ අවුරුද්දට කොකිස් හදන්නෙ ගෙදරමයි.

මෙන්න මේ දේවල් අපට අවශ්‍ය වෙනවා :

  • හාල් පිටි ග්‍රෑම් 200 (මුලින්ම නිසා ටිකකින් හදලා බලමු)
  • ලුනු,අවශ්‍ය නම් කහ කුඩු හෝ කහපාට වර්ණක
  • උකු පොල්කිරි කෝප්ප දෙකක්
  • දියකිරි කෝප්පයක්
  • පොල්තෙල්

දැන් අපි මුලින්ම බැටර් එක සාදා ගනිමු.

හොඳින් හලාගත්ත හාල් පිටි වලට කහ ස්වල්පයක් දමා ලුනු, පොල්කිරි, ටික ටික මිශ්‍ර කර බැටර් එක හදා ගන්න. තෙල් තාච්චිය පිරෙන තෙක් හොඳින් තෙල් දමා කොකිස් අච්චුවද තෙලට දමා රත්කර ගන්න. රත් කරගත් කොකිස් අච්චුව බැටර් එකේ දමාගෙන තෙලට දමා කොකිස් බැදගන්න.

මෙන්න මේවත් දැනගන්නම ඕනා

  • කොකිස් අච්චුවෙන් තුනෙන් දෙකක් පමණයි මිශ්‍රනය තවරා ගන්නෙ. නැත්තම් ගලවගන්න බැහැ.
  • අච්චුව තාච්චියේ අඩියේ ගෑවෙන්න දෙන්න එපා.
  • කොකිස ගලවා අනික් පැත්ත පෙරලා ටික වෙලාවක් බැද ගන්න.
  • බදින කොකිස් තෙල් කඩදාසියක්  මතට දමා ගන්න.
  • සාදාගත් කොකිස් පැයක් පමණ නිවෙන්නට තබා හුලන් නොවදින සේ අසුරා ගන්න.

කොකිස් අච්චුව පදම් කරගන්නෙ මෙහෙමයි

  • වැලි කඩදාසියකින් හොඳින් මැද ගන්න.
  • ගොරක සහ ලුනු මිශ්‍ර වතුරේ තරමක වේලාවක් තම්බා ගන්න.
  • නැත්නම් කොකිසක් සාදා අච්චුව ලිපට අල්ලා පුලුස්සා ගන්න.
  • අඟුරු වනතෙක් පුලුස්සා ගත් කොකිස සම්පූර්නයෙන්ම සූරා ඉවත් කරගන්න.
  • ඒ වගේම බැටර් එකට බිත්තරයක් එක් කලාමත් කොකිස පහසුවෙන්ම ගැලවෙනව.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here