මහියංගනය ගෙවල් විස්ස ප්‍රදේශය සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.Sri Lanka Latest News
මෙලෙස තුවාල ලබා ඇත්තේ මහියංගනය දම්බරාව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
දෙපාර්ශවයක් අතර කලකට පෙර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් අද දිනයේද යළි බහින්බස්වීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව එක් පාර්ශවයක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර කෙසේ වෙතත් වෙඩිතැබීමෙන් තුවාල සිදුව ඇත්තේ ද එම පාර්ශ්වයේම අයෙකුට බවටයි මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.
මහියංගනය පොලීසිය මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Saru FM Media