අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා 08 වනදා සිට

0
14


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා ලබන 08 වනදා සිට විශේෂ බස් රථ සේවාවන් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පැවසුවේ අවශ්‍යතාව පරිදි අතිරේක බස් රථ යෙදවීමට ද සැලසුම් කර ඇති බවයි.     

Neth Sound · CTB JEEWAKA 01

මේ අතර අප්‍රේල් 10 වනදා සිට දුරගමන් සේවා බස් රථ ධාවනයට එක් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් නියෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ දුර ගමන් බස් රථ ධාවනය වන වේලාවන් ඇතුළත් කාලසටහන් ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කරන බවයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන 10 වනදා සිට එය ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල, අනුරාධපුරය, ගාල්ල, බෙලිඅත්ත සහ කන්කසන්තුරය දක්වා එම විශේෂ දුම්රිය ධාවන වැඩසටහන ක්‍රියාත්මකයි.

දුම්රිය ධාවනය වන වේලාවන් ඇතුළත් නිවේදනය පහතින්     



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here