කොණ්ඩා මෝස්තරය/haircutඑක ඔබේ පෙනුම සම්පූර්ණකිරීමට බෙහෙවින් උපකාරී වේ. මුදල් පසුම්බියට හානි නෙකර ඔබට ගැලපෙන සොඳුරු haircut එකක් ලබාගන්න මේ tips ඔබට උදව්වේවි.
මතක තබා ගන්න, hairstylist ට ඔබේ කේශ කලාපය හැඩගන්වන්නට හැකි වූවත් ඔබේ හිතේ වැඩ කරන අදහස් කියවන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඔබ කැමති විලාසිතාව පිළිබඳ hairstylistට අදහසක් ලබාගැනීමට ඔබ කැමති විලාසිතාවට අදාළ පින්තූර ගෙනයාම වැදගත් වේ.
ඔබ පින්තූර රැගෙන ගියත් එහි දැක්වෙන මෝස්තරය ඒ විදිහටම නම් ඔබේ හිසකෙස් මත ඒ හා සමාන අකාරයෙන් දිස් නොවන්නට පුළුවනි! කෙස්වල වයනය, වර්ණය, දිග ආදී සාධක මෝස්තරය වෙනස්විය හැකි බව මතක තබා ගන්න. ඒ නිසා විවෘත මනසකින් නව මෝස්තරයක් තෝරාගන්න.
ඔබේ කොණ්ඩය කැපීමට හෝ වර්ණ ගැන්වීම් ආදියට පෙර මිල, දිග, වර්ණය ආදිය සම්බන්ධයෙන් අදහස් හුවමාරු බවට වග බලා ගන්න. පසුව ඇතිවන ගැටළු මින් වළක්වාගත හැක.
අප එකිනෙකාගේ අර්ථකතනයන් එකිනෙකාට වෙනස්. ඔබ ‘උරහිසෙ දක්වා දිග “යනුවෙන් අදහස්කරන ප්රමාණය hairstylist හිතන ප්රමාණය වෙනස් විය හැක. එනිසා හරියටම ඔබ අපේක්ෂා කරන පෙනුම/දිග ඔබ අත් අභිනයන් සමඟ පෙන්වන්න උත්සාහ කළ යුතුයි.
අපේ මිතුරන්, අපිට හරියටම ගැලපෙනම දේ කුමක්ද කියන්න පසුබටවන්නේ නැහැ නේද? ඒ නිසා, ඔබේ කේශලාවන්ය ශිල්පියා සමඟ මිත්රශීලීවන්න. ඔබට ගැලපෙනම කොණ්ඩා මෝස්තර තෝරාගැනීම සඳහා අනගි සහායක් ලැබේවි.
ඔබේ කෙස් කළඹේ අලංකාරවත් පෙනුමටහැඩගන්වා ගැනීමට යාමේදී මෙම කරුනු පිළිබඳව සැලකිලිමත්වුවහොත් වඩාත් යහපත් ප්රතිඵලයක් ලබාගත හැකිවනු ඇත.
– කල්හාරී –
Saru FM Media