අලුත උපන් කිරි කැටියෙක් කිරි පෙවීම නිසා දිනකට වැඩි වාර ගණනක් මලපහ කිරීම සිදු කරයි. සමහර දරුවන් සතියකට වරක් මලපහ කිරීම සිදු කරයි. තවත් සමහර දරුවන් දිනකට 7-8 වතාවක් මලපහ කිරීම සිදු කරයි. මල වියලි භාවය රහිත නම් දරුවාට අපහසුතාවයක් නොමැති නම් සතියක් පමණ යනතුරු මලපහ නොකිරීම කලබල විය යුතු තත්ත්වයක් නම් නොවේ.
ළදරුවන්ගේ මලපහ පිටකිරීම හා සම්බන්ධ ගැටලු වලදී දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් පිළිබඳව අපි සාකච්ජා කරමු.
ඇතැම් අවස්තාවලදී ඇතැම් ළදරුවන් වැඩි වාර ගණනක් මලපහ කරන අතරම එයට හේතුව වැඩි වාර ගණනක් ආහාර ලබාදීම නම් දරුවාගේ බර අධිකව වැඩි වීම, රාත්‍රියට මලපහ කිරීම අඩු වීම වැනි තත්ත්වයන් යටතේ හඳුනා ගත හැකි අතරම මෙහිදී වෙනත් රෝග ලක්ෂණ නොපෙන්වයි.
නමුත් මෙසේ වැඩි වාර ගණනක් දරුවෙකු මලපහ පිට කරන්නේ රෝගී තත්ත්වයක් නිසා නම් පහත දක්වා ඇති රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
මෙවැනි තත්ත්වයකදී දරුවාට ප්‍රතිකාර ප්‍රතිකාර ලබාදීමට පෙර මල පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් (Stool for full report) ලබාගැනීම අවශ්‍ය වේ.
මෙම තත්ත්වය හේතු 2 ක් යටතේ සිදු විය හැකිය.
මෙම තත්ත්වය හේතූ 2 ක් නිසා ඇති වේ.
සමහර දරුවන් මලපහ කරන විට ඇඬීම, තැටමීම, කෙඳිරි ගෑම සිදු කරයි. මලපහ කිරීමට ආසන්නයේ දැනෙන අපහසුව නිසා මෙසේ ඇති විය හැක. බඩ එළිය යාම රෝගයක් ලෙස වැළඳුන විටද සුපුරුදු ආහාර රටාවම ලබා දෙන්න. ආහාර ලබාදීම සීමා නොකරන්න.
මලපහ දියර වශයෙන් දිනකට සාමාන්‍යයෙන් පිටවන ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් පිටවීම නිසා දරුවාගේ සිරුරෙන් අනවශ්‍ය ලෙස ජලය ඉවත් වේ. මෙම තත්ත්වය විජලනය ලෙස සරලව හැඳින්විය හැකි අතර එවිට දරුවා පහත ලක්‍ෂණ පෙන්වයි.
වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය. මෙහිදී ප්‍රතිකාර ලෙස ජීවනී ලබාදීම ආරම්භ කරන්න. ඉතාම වැදගත් ප්‍රතිකාරයකි.
Saru FM Media