අලි මිනිස් ගැටුම අවම කිරීම හා පාලනය කිරීමට තවත් පියවරක්…

0
22


අලි මිනිස් ගැටුම වළක්වා ගැනීමට පියවර ගැනීම සඳහා වන සාකච්ඡා මාලාවේ තවත් එක් සාකච්ඡාවක් ඊයේ (11) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාලගේ සහ පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී මින් පෙර සාකච්ඡාවලදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර ඇති අතර ඊට අමතරව අලි මිනිස් ගැටුමට අදාළව කඩිනම් හා දීර්ඝ කාලීන ප්‍රවේශයන් ලෙස ගත යුතු පියවර කිහිපයක් පිළිබඳවද තීරණය කර තිබේ.
■ මුලු ආසනයම ආවරණය වන පරිදි කඩිනමින් අලි වැටවල් ප්‍රතිසංස්කරණය කිරීම හා අවශ්‍ය ප්‍රදේශ සඳහා අලි වැටවල් ලබා දීම.
■ අලි වෙඩි අවශ්‍ය ප්‍රමාණයට කඩිනමින් ලබා දීම.
■ වන ජීවී නිළධාරීන් අවශ්‍ය ප්‍රමාණයෙන්ද කාර්යක්ෂම ලෙසින්ද සේවයේ යෙදවීම.
■ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය සහය ලබා ගැනීම.
■ බහු කාර්ය සේවකයින් මේ සඳහා ඵලදායී ලෙස යොදා ගැනීම.
■ අලි කොරිඩෝර් නිදහස් කර ගැනීම.
■ යෝජිත මහජන ආරක්ෂක කමිටු ගල්ගමුව ප්‍රදේශයේද කඩිනමින් ස්ථාපනය කිරීම හරහා වන අලි තර්ජනයට මුහුණ දීම සඳහා මහජන සහභාගීත්වය වඩාත් සංවිධානාත්මක ලෙසත් නිර්මාණශීලී ලෙසත් ලබා ගැනීම.
■ වගා හානි ගෙවීම සහ කෘෂි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
■ දීර්ඝ කාලීන විසඳුම් වන වනාන්තර සුපෝෂණය කිරීම. ඒ අනුව වනාන්තරවල ඇති ජලාෂ පිළිසකර කිරීම හා වනාන්තරවල අලි ඇතුළු වන සතුන්ට අවශ්‍ය ආහාර සුලබ කිරීමට අවශ්‍ය මූලික පියවර ගැනීම.
යන කරුණු කෙරෙහි අවධානය යොමු වී ඇක.
මෙම අවස්ථාව සඳහා ගොවි නියෝජිතයන්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගීතා හේරත් හා චන්දන තෙන්නකෝන් සහ රජයේ නිළධාරීන්, ගල්ගමුව ප්‍රදේශයේ ගොවි නියෝජිතයෝද සහභාගී වී සටි ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here