අල්ලස් ගත විනය නිලධාරියෙකු හා ආරක්ෂක නිලධාරියෙකු මැයි 09 තෙක් රිමාන්ඩ්

0
4


විනය සෙවීම පැමිණිලිකරුට හානි නොවන ආකාරයෙන් පවත්වමින් ඔහුට නැවත සේවාවට එක්විය හැකි වන පරිදි කටයුතු කර දීම සඳහා ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයෙහි නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකු සහ ආරක්ෂක නිලධාරියා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් මැයි 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මිණි මහත්මිය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකු නවරත්නම් දේවියමහිම් සහ ආරක්ෂක නිලධාරියෙකු වන තංගරාජා කෝවිදරාජා යන සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

වවුනියා – ත්‍රිකුණාමලය මාර්ගයේ ධාවනය වන බස් රථයක කොන්දොස්තරවරයා වූ පැමිණිලිකරු, මගියෙකුට ටිකට්පතක් නිකුත් නොකිරීමක් සම්බන්ධයෙන් සේවයෙන් අත්හිටවනු ලැබූ අතර, එම විනය සෙවීම පැමිණිලිකරුට හානි නොවන ආකාරයෙන් පවත්වමින් ඔහුට නැවත සේවාවට එක්විය හැකි වන පරිදි කටයුතු කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එම මුදල දෙවන සැකකරු වන ආරක්ෂකයා විසින් ගෙන පළමු සැකකරුට ලබා දී තිබෙනවා.

ඒ අනුව, 2025 අප්‍රේල් 22 වැනිදා ආරක්ෂක නිලධාරියා සහ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියා ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here