නිශ්මං රණසිංහ ,මාර්තු 09 කොළඹ LNW:
ලිස්බන් අර්ධ මැරතන් තරඟයට පැමිණි උගන්ඩාවේ ජේකබ් කිප්ලිමෝ එම ඉසව්ව සඳහා මේ දක්වා වාර්තා වී ඇති ලොව හොඳම නිල කාලය වාර්තා කරන්නට සමත් වුණා.ඒ විනාඩි 57:20 න් එම ඉසව්වේ ලෝක වාර්තාව තමන්ගේ නමට ලියා ගනිමින්.
කිප්ලිමෝ පසුගිය වසරේ බාසිලෝනාහිදී 56:42 ක් වාර්තා කර තිබුණද, එය ලෝක වාර්තාවක් ලෙස අනුමත කළ නොහැකි වූයේ එහි තරඟ කොන්දේසි ලෝක මලල ක්රීඩා නීතිවලට සම්පූර්ණයෙන්ම අනුකූල නොවන තත්ත්වයක නොතිබූ නිසයි.එහෙත් ලිස්බන් හී කාලය වාර්තා කළ තරගය සියළු ආකාරයෙන් නිල නිල මට්ටමේ තරගයක් ලෙස නම් කෙරුණා.
කිප්ලිමෝ පළමු කිලෝමීටර 5 වේගයෙන් 13:28 කින් ආවරණය කළේය. කෙන්යානු යුගලයක් වන නිකලස් කිප්කොරිර් සහ ගිල්බට් කිප්රොටිච් පළමු භාගයේදී උගන්ඩානුවාට වඩා ආසන්නව සිටි අතර, කිලෝ මීටර් 10 න් පසුව කිප්රොටිච් පසුබාන්නට ගත් අතර ඒ දක්වා ක්රීඩක ත්රිත්වය විනාඩි 27:00 ට කිලෝමීටර 10 ක් අවසන් කරන්නට සමත් විය.
කිප්ලිමෝ සහ කිප්කොරිර් එක ළඟ දුවමින් විනාඩි 40:52 කින් කිලෝමීටර 15 ක් පසු කළහ. වේගය තරමක් පහතින් තිබෙන බව දැනගත් කිප්ලිමෝ වේගය වැඩි කර ඉදිරියට ගොස් ඊළඟ කිලෝමීටර 5 අවසාන කොටස 13:31 කින් ආවරණය කළේය.ඔහු අවසානය දක්වාම එම වේගය කළමණාකරනය කරමින් දිව ගිය අතර තරගය අවසානයේ කිප්ලිමෝ පැවසූවේ තමන්ට මේ තරගයේදී ලෝක වාර්තාව වෙනස් කිරීමට හැකි වෙනු ඇතැයි විශ්වාසයක් තිබුණු බවය.


The post අර්ධ මැරතන් ලෝක වාර්තාව කිප්ලිමෝ ට appeared first on LNW Sinhala.
Saru News
















