අයිස් කිලෝ එකහමාරක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

0
8

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 501ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මාදම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (22) අලුයම මාදම්පිටිය, සත්හිරු සෙවණ මහල් නිවාසය අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී ඔවුන් සන්තකයේ තිබී මෙම අයිස් තොගය සොයාගෙන ඇත.

24 හැවිරිදි සහ 29 හැවිරිදි වැල්ලම්පිටියේ හා කොළඹ පදිංචිකරුවන් වූ මෙම සැකකරුවන් දෙදෙනා ඒ අනුව  අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවෙකුගේ සන්තකයේ තිබූ බෑගයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය, විද්‍යුත් තරාදියක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැක මුදල් රු 18,000ක් හා අනෙක් සැකකරු සන්තකයේ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මාදම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here