අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම එයි

0
6

මෙරට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

ඒ වගේම එම බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී නොවීම නිසා , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ආදේශ කර ඇත.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(01 ) රාත්‍රී 09.55 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් පිළිගැනීම පැමිණ සිටියහ .

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here