අමෙරිකාවෙන් යේමනයට ගුවන් ප්‍රහාර – පුද්ගලයන් 80කට දිවි අහිමිවෙයි

0
6


හවුති කැරලිකරුවන් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදාවෙන් යේමනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

යේමනයේ හොඩෙයිඩා නුවර කේන්ද්‍ර කරගත් හවුති ඉලක්ක වෙත එම ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ .

එම ප්‍රහාරවලින් පුද්ගලයන් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙන බව එම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා .

අමෙරිකානු හමුදාවෙන් අඛණ්ඩව දෙදිනක් පුරා හොඩෙයිඩා නුවර ගුවන්තොටුපොළ සහ වරාය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් මිය ගිය බවට යේමනයේ හවුති කැරලිකරුවන්ට සහාය පළ කරන අල් මසිරා රූපවාහිනි නාළිකාව නිවේදනය කර ඇති අතර, එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ .

අමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් සිය මෙහෙයුම් අඩාළ කිරීමට නොහැකි බවත්, තවදුරටත් රතු මුහුද සහ ඊශ්‍රායලය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවත් හවුති කැරලිකරුවන් නිවේදනය කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here