අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසාට චෝදනාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා.
ඒ අමෙරිකාවේ සංචාරයක නිරත වන දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනධිපතිවරයා අතර පැවති සාකච්ජාවක් අතරතුරයි.
දකුණු අප්‍රිකාවේ සුදු ජාතික අප්‍රිකානුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුවන බවට ඇමරිකානු ජනධිපතිවරයා එහිදී චෝදනා කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
සාකච්ජාව අතරතුර ඝාතනයට ලක් වූ සුදු ජාතික අප්‍රිකානුවන්ගේ භූමදාන ස්ථාන බවට පවසමින් වීඩියෝ පටයක්ද ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී එය රූගත කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ කුමන ප්‍රදේශයේද යන්න තමන් නොදන්නා බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.
කෙසේවෙතත් එහිදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා ප්‍රකාශ කර ඇත්තේ සුදු ජාතික අප්‍රිකානුවන් පමණක් විශේෂයෙන් ඉලක්ක කර ගනිමින් දකුණු අප්‍රිකාවේ එවැන්නක් සිදු නොවන බවයි.
මෙම සිද්ධිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සාකච්ඡාවකට පැමිණි යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කිට බැනවැදීමේ සිද්ධියට සමාන සිදුවීමක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.
මේ අතර මෑතකදී අමෙරිකාවට සංක්‍රමණය වූ සුදු දකුණු අප්‍රිකානුවන් 59 දෙනෙකුට එක්සත් ජනපදයේ සරණාගතභාවය ලබා දීමටද ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබුණා.
Saru FM Media