අමෙරිකාව පැනවූ බදුවලට මුහුණ දීමට රට තුළ තීරණාත්මක වෙනස්කම් කළ යුතුයි

0
9


අමෙරිකාව පැනවූ බදුවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව විකල්ප සකස් කිරීමේදී රට තුළ තීරණාත්මක වෙනස්කම් කිහිපයක්ම සිදු කළ යුතුව ඇතැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ භාණ්ඩ නිෂ්පාදනයේදී ඒ සඳහා දැනට වැය වන පිරිවැය අවම කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි. 

එවැනි වෙනස්කම් නොමැතිව ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ඊළඟ තලයට ඔසවා තැබීම අතිශය දුෂ්කර වනු ඇති බව ඔහුගේ අදහසයි.   

Neth Sound · UNLIMITED MUJUBER 01

සේවා අපනයනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මීටත් වඩා සැලකිල්ලක් දැක්විය යුතු බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේ. 

Neth Sound · UNLIMITED MUJUBER 02

මේ අතර අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදුවලට මුහුණ දීම සඳහා වත්මන් ආණ්ඩුව දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටින බව ආණ්ඩුවේ ආර්ථික හා ආයෝජන අංශයේ උපදේශක වරලත් ගණකාධිකාරී අමරසේන අතුකෝරළ මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන්ද වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කරමින් සිටින බවයි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here