අමෙරිකානු ගුවන් යානාවලට මෙරටින් තෙල් ඉල්ලලා නෑ – ජනමාධ්‍ය ඇමති

0
3

අමෙරිකානු ගුවන් යානාවලට මෙරටින් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධ ඉල්ලීමක් පිළිබඳ තොරතුරු දැනට වාර්තා නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි.

මැද පෙරදිග ඇතිවී තිබෙන යුදමය ගැටලු ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ ස්ථාවරය දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

අමෙරිකානු ගුවන් යානාවලට මෙරටින් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ලැබී ඇත්දැයි මාධ්‍යවේදියකු කරන ලද විමසීමේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ගල්ෆ් යුද්ධය පැවැති සමයේදීත් මෙරටට එවැනි ඉල්ලීමක් ලැබුණු බව මාධ්‍යවේදියා සිහිපත් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here