අභියෝග රැසක් මැද කම්කරුවන් අද මැයි දිනය සමරයි

0
4


ලෝකය ඉදිරියට රැගෙන යාමට උරදෙන කම්කරුවා සමරන ජාත්‍යන්තර කම්කරු දිනය අදයි. ලෝකය අද සමරන්නේ 139 වන කම්කරු දිනයයි. 

1886 වසරේ මැයි පළමුවනදා දිනකට පැය අටක සේවා මුරයක් ඉල්ලා ඇමෙරිකාවේ වෘත්තීය සමිති ආරම්භ කළ දැවැන්ත වැඩ වර්ජන මාලාවකින් පසුවයි කම්කරු දිනය බිහි වන්නේ. 

එහි දැවැන්තම විරෝධතාව මැයි 1 වන දා චිකාගෝ හි පැවති අතර ඊට කම්කරුවන් 40,000ක් පමණ එක්ව සිටියා. 

මෙහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගත් අතර කම්කරුවන්ට සිදුවූයේ සිය රුධිරයෙන් හා ජීවිතයෙන් පවා වන්දි ගෙවීමටයි. 

එල්ල වූ මර්දනීය වෙඩි ප්‍රහාරයෙන් රුධිරය වැගිරූ කම්කරුවන් සදාතනිකව සිහි කිරීමට 1889 වසරේ රැස් වූ දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය තීරණය කළේ එතැන් පටන් සෑම වසරකම මැයි පළමුවන දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි.

එලෙස ඇරඹි කම්කරු දිනය අද දේශපාලන පක්ෂවල ශක්තිය පෙන්වන දිනයක් බවට පත්ව අවසන්. 

සැබෑ කම්කරු දිනය, දේශපාලන රැස්වීම් පවත්වන දිනයක්ද? මේ, කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා. 

Neth Sound · DR TUDOR 01

වෙනස් වන ලෝකයේ අද කම්කරුවාට නිසි වටිනාකමක් හිමි වනවාද? 

Neth Sound · DR TUDOR 03

මේ අතර, ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ජාත්‍යන්තර භූ දේශපාලනික වෙනස්කම් සහ අභියෝග හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් වෙහෙසෙන මෙරට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවයි. 

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කර “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බවයි ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් දන්වා ඇත්තේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here